යේමනයේ සිරවී සිටි ලාංකිකයින් යළි මව්බිමට

Published in පුවත්
Wednesday, 08 April 2015 13:22

යේමනයේ ගැටුම්වලට මැදිවී සිටියදී බේරා ගත් පළමු ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම අද (07) රාත්‍රී දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

යේමනයේ පවතින දරුණු ගැටුම් හේතුවෙන් එහි සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 46 දෙනෙකු චීනය ඇතුළු වෙනත් රටවල මැදිහත්වීම මත බේරා ගැනීමට ශ්‍රී ලංකා රජයට හැකි වූයේය. ඔවුන් කණ්ඩායම් දෙකක් ලෙසට දිවයිනට ගෙන්වා ගැනීම සඳහා මේ වන විට කටයුතු සිදු කෙරෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කලේය.

ජිබුටි රාජ්‍යයේ සිට ශ‍්‍රී ලංකාවට සෘජු ගුවන් සේවා නොතිබීම හේතුවෙන් මෙම පිරිස දිවයිනට ගෙන්වා ගැනීම තරමක් ප‍්‍රමාද වු බවත් ජිබුටි රාජ්‍ය වෙත පැමිණි ශ‍්‍රී ලාංකිකයින් හතළිස් තුන් දෙනා කෙන්යාවේ ශ‍්‍රී ලංකා තානාපතිවරයා විසින් භාර ගෙන ඇති බව සඳහන් වේ.

ඒ අනුව ඔවුන්ගෙන් පිරිසක් අද දිනයේ දී දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත්.පී.පෙරේරා මහතා සඳහන් කළේය.මේ අතරින් පළමු කණ්ඩායමට අයත් පුද්ගලයින් 29 දෙනෙකු අද රාත‍්‍රීයේ දිවයිනට පැමිණෙනු ඇත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us