චම්පිකගේ කතාවලට විසිල් ගහන්න විදුලිබල සේවකයන්ට රාජකාරියක් පවරලා

Published in පුවත්
Wednesday, 08 April 2015 15:17

විදුලි බල සහ බල ශක්ති අමාත්‍යංශයේ මෑතක දි ස්ථිර පත්විමි ලද සේවක සේවිතාවන් හාරදහසකට ආසන්න පිරිසක් මහරගම රැස්වීමකට යාම පිණිස අද ( 8දා) නිවාඩු ලබා ගොස් සිටි නිසා සිය අවශ්‍යතා ඉටු කර ගැනිම පිණිස විදුලි බල මණ්ඩලයේ ප‍්‍රධාන කාර්යාලය ඇතුළු උප කාර්යාලවල මහජන සේවා කටයුතු සැලසීම බිඳ වැටි තිබු බව විදුලි පාරිභෝගිකයෝ පෙන්වා දෙති.

හාර දහසක් පමණ වන මෙම කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් පසුගිය දිනවල අනියම් පත්වීම් ලබා සේවය කළ අතර මෙම පිරිස විදුලි බල සහ බල ශක්ති ඇමති පාඨලී චම්පික රණවක මහතාගේ උපදෙසින් ස්ථිර පත්විම ලදහ. ඒ අනුව මෙම පිරිස චම්පික රණවක මහතාගේ දේශනයකට සවන්දීම සඳහා මහරගම නාවින්න ප‍්‍රදේශයට ඇමතිවරයා විසින් අද (8) පස්වරු 1.30 ට කැඳවා තිබිණි.

මෙම පත්වීම් ස්ථිර කර තිබූ පිරිස අතර ලිපිකරු, විදුලි කාර්මික ඇතුළු විවිධ තාරාතිරම්වල අය සිටිති. ඇමතිවරයා ගේ මෙම නියෝගය අනුව දිවයිනේ විවිධ ප‍්‍රදේශවල සේවය කරන විදුලි බල මණ්ඩලයේ පිරිස මහරගමට පිටත් ව ගොස් ඇත. මහජන දිනය වන අද( 8 – බදාදා) දවස තුළ කාර්යාල සේවයෙන් බැහැර ගොස් සිටින නිසා මාසික විදුලි බිල් පත ගෙවිම නඩත්තු කටයුතු පිණිස සේවකයන් ලබා ගැනීම වැනි අත්‍යවශ්‍ය කටයුතු කිරිම පිණිස එකී කාර්යාලවලට පැමිණි මහජනතාව අපමණ වූ දුෂ්කරතාවන්ට මුහුණ දුන් බව කීහ.

හලාවත ප‍්‍රාදේශීය විදුලි ඉංජිනේරුවරයා යටතේ සේවය කරන පනහකට නොවැඩි පිරිසක් රාජකාරි නිවාඩු ලබා ඇමති දේශනයට සවන් දිම පිණිස අද ( 8 දා) මහරගම ගොස් තිබිණි. මෙම පිරිසට කොළඹ යාමට ලංකා ගමනා ගමන මණ්ඩයේ බස් රථ යොදා ගෙන තිබූ අතර ඊට විදුලි බල මන්ඩලය විසින් මුදල් ගෙවා ඇති බවත් කියයි.

මේ සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයේ වයඹ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගේ‍්‍රෂන් මුතුකුඩ ආරචිචි මහතාගෙන් විමසු විට ඒ මහතා කියා සිටියේ ඇමති නියෝගය අනුව සේවකයන් මහරගම ගිය බවත් ඒ ගැන යමක් තමන්ට පැවැසිය නොහැකි බවත් ය.

colombopost

Last modified on Wednesday, 08 April 2015 15:27

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us