බැඳුම්කර යෝජනාව පරාජයවන්නට ඉඩ හැරීම එජාපයේම කුමන්ත්‍රණයක් ?

Published in පුවත්
Wednesday, 08 April 2015 11:40

ඊයේ (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද රුපියල් කෝටි 40,000 ක භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමට සම්බන්ධ යෝජනාව පරාජය වීම පිටුපස කුමන්ත්‍රණකාරී බලවේග කිහිපයක් තිබෙන බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙතැයි ජනතා විමුක්ති පෙරමුණේ වෙබ් අඩවියක් වන ලංකාතෲත් සඳහන් කරයි.

ඒ අනුව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බලයට ගෙන ඒම වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත ක්‍රියා කරන විකල්ප කණ්ඩායම වශයෙන් හඳුන්වා ගන්නා පිරිසක්, 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීම සඳහා කුමන්ත්‍රණකාරී ලෙස ව්‍යාකූලත්වයන් ගොඩනගන පිරිසක් සහ පාර්ලිමේන්තුව විසිරුවා හැරීම පමණක් අපේක්ෂාවෙන් ක්‍රියා කරන එක්සත් ජාතික පක්ෂය යන කණ්ඩායම් මේ අතර වන බව විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මුදල් ඇමති රවී කරුණානායක සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන එක්සත් ජාතික පක්ෂ නායකයින් පවා ඡන්දය විමසන අවස්ථාවේදී පාර්ලිමේන්තු සභා ගර්භයේ නොසිටීමෙන් එජාපය විසින් අනුගමනය කරන කුමන්ත්‍රණකාරී පිළිවෙත හෙළිවේ. එමෙන්ම විකල්ප කණ්ඩායම යැයි හඳුන්වා ගන්නා කුමන්ත්‍රණකාරී පිරිස මහින්ද රාජපක්ෂ බලයට පත් කිරීම සඳහා අන්ත ජාතිවාදය සහ ආගම්වාදය වැපිරීමට අමතරව වෙනත් ඕනෑම ක්‍රියාමාර්ගයක්ද ගනිමින් තම අරමුණු වෙනුවෙන් ක්‍රියා කරමින් සිටී.

මේ සියල්ලන්ගේම පොදු අරමුණක් වී තිබෙන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී සම්මත කිරීම වැලැක්වීමය. මේ වෙනුවෙන් එකිනෙකා තනි තනිව සහ අන්‍යයෝන්‍ය අවබෝධයෙන් යුතු සැලසුම් ගණනාවක් ක්‍රියාවට නගමින් ඇති බව හෙළිවෙමින් තිබේ. භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීම පිළිබඳ යෝජනාව නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මතකර ගැනීමේ අවස්ථාව හිමි වී තිබේ. එහෙත් ඊයේ සිදු වූ පරාජය හරහා මේ වනවිට රටතුළ මතුවෙමින් තිබෙන දේශපාලන කුමන්ත්‍රණ ගණනාවක් පිළිබඳ ප්‍රකාශයට පත්වූ බව දේශපාලන විශ්ලේෂකයන්ගේ මතයයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us