පංචමහා බලවේගය අතහැර පංචස්කන්ධ පෝෂණට ශ්‍රීලනීපය මාරුවීම

Wednesday, 08 April 2015 14:59

මහින්ද රාජපක්ෂ යුගයේදී ශ්‍රී ලනීපය යනුවෙන් පක්ෂයක් තිබුණේද යන්නවත් දැන ගැනීමට නොතිබුණ නමුත් මහින්දගේ දේශපාලන අභාවයෙන් පසුව ශ්‍රී ලනීපය අවශේෂ පෙනෙන්නට පටන් ගෙන තිබේ. ඒ අනුව, මේ ශ්‍රීලනීපය යනු මහින්දට යටවී ඒ ශරීර කූඩුවේ හැඩයට සකස් වූ තැලී පොඩිපට්ටම් මූ පක්ෂයක් ලෙස හඳුනා ගත හැකිව තිබේ.

මේ හේතුව නිසා ශ්‍රී ලනිපයේ නායකත්වය වෙනස් වූවද තවමත් කටයුතු කරන්නේ පරණ මහින්දගේ ආරෙටමය. රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යුහයේ බරපතල වැ‍රැදීම් ‍රැසක් පවතින බව අප දන්න කාලයේ සිටම විවිධ විද්වතුන් නොයෙක් විට පෙන්වා දී තිබිණි. එහිදී රාජපක්ෂ යුගය යනු ඊට වැඩිම වැ‍රැද්දක් සිදු වූ යුගයක් ලෙසද හඳුනා ගත්තෙමු. මේ නිසා ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහය වහා ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාවය මතුව තිබු අතර ඊට මහා බාධකය වූ රාජපක්ෂ රෙජීමය පෙරලා දැමීම අත්‍යාවශ්‍ය කරුණක් විය. එය ජය ගැනීමට සමාජයට හැකි වූවද තවමත් ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ ගැටලුව විසඳා ගැනීම ප්‍රමාදවෙමින් තිබේ.

මෙහි මූලික කරුණක් ලෙස 19 වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් විධායක ජනාධිපති ධුරයේ අත්තනෝමතික බලතල කප්පාදු කිරීම, ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම, අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ පාලන ක්‍රමයක් හඳුන්වා දීම ආදිය විය. එහෙත් මේ වන විට මෙම මූලික ඉල්ලීමට ද වළ කැපීමට දඟලන පිරිසක් බිහිව තිබේ.

මෙහිදී ජාතික හෙළ උරුමයේ පාඨලී චම්පික රණවක විසින් ගෙන එනු ලබන විරෝධයත් විපක්ෂය ලෙස පෙනී සිටින නිමල් සිරිපාද සිල්වා ප්‍රමුඛ ශ්‍රීලනීපයත් ගෙන එනු ලබන විරෝධයත් එකිනෙකට පරස්පර වුවත් ඔවුන් බලවත් ලෙස නැඟී සිටී. රාජපක්ෂවාදී කොටස් 19 සංශෝධනයට විරෝධය දක්වතත් ඒ නිශ්චිත අදහසකින් තොරවය. ඔවුන් බලා සිටින්නේ බොර දියේ මාළු බානනටය.

චම්පික කියන්නේ විධායකයේ බලතල අගමැතිට පවරන ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් වන බවය. බැලු බැල්මට සත්‍යක් යැයි මේ පෙනෙන නමුදු මේ තර්කය වලංගුතාවය ඇත්තේ චම්පික මේ මොහොතේ සිය පසමිතුරා ලෙස සලකන රනිල් වික්‍රමසිංහ අතට විධායක බලතල යනු ඇතැයි බිය නිසා යැයි කල්පනා කළ හැකිය. එමෙන්ම මීළඟ මහ මැතිවරණයේදී එජාපය විශාල ජයග්‍රහණයක් ලබනු ඇතැයිද උපකල්පනය කළ හැකිය. ඇතැමුන් කියා තිබුණේ චම්පිකට ජනාධිපතිවන්නට රාජ යෝගයක් ඇති බව ජෝතිෂ්‍ය වේදියෙක් කියා ඇති නිසා මෙසේ කරන බවය. ඒ කෙසේ වෙතත් චම්පික ට රටේ නායකත්වයට පත්වීමේ බලවත් වුවමනාවක් සහිත ඉලක්කයක් සහිතව බව පැහැදිලිය.

නමුත් චම්පික ඉල්ලන්නේ තනි පුද්ගලයකු වටා බලය කේන්ද්‍රගත වන පාලන ක්‍රමයක් නම් විධායක ජනාධිපති හෝ වේවා ඔහු කියනාකාරයේ විධායක අගමැති තනතුර වූවත් ඔහුට එහි ගැටලුවක් තිබිය නොහැක.

එහෙත් අගමැති ප්‍රමුඛ ආණ්ඩුවක විධායක බලතල අගමැති තනතුර මත ‍රැ‍ඳෙන්නක් නොවන බව සාමාන්‍ය දේශපාලන විද්‍යාව ගැන දැනුමක් ඇත්තෙකු වුවත් දන්නා සත්‍යකි. එය පාර්ලිමේන්තුවට වගකියන තනතුරකි. එමෙන්ම රටේ සේනාධිනායකයා හා තවත් බලතල සහිත ජනාධිපතිවරයකුත් මේ අගමැතිවරයාට ඉහළින් සිටී. එමෙන්ම අධිකරණයේ ස්වාධීන ආයතනයක් ලෙස අනෙක් පසින් පිහිටයි. එවැනි තත්වයක් මත එකාධිපති ක්‍රමයකට රට තල්ලු වීමේ ඉඩ කඩ ඉතා අවමය. මේ නිසා චම්පිකගේ උවමනාව කුමක්ද යන්න අපහැදිලිය. තවත් සමහරු කියන්නේ විධායක ජනාධිපතිධුරය පවත්වාගෙන යන්නට මේ ශ්‍රී ලනිපයෙ විසින්ම මෙහෙයවන කුමන්ත්‍රණයක් බවය.

කෙසේ නමුත් විධායක ජනාධිපති ක්‍රමයේ බලතල අඩුකිරීම සඳහා මේ ලැබී ඇති ස්වර්ණමය අවස්ථාව වලක්වා ලීමට චම්පිකලා හෝ වේවා වෙනත් කිසිවකුත් හෝ වේවා වෙර දැරීම මේ රටේ ජනතාවගේ පැත්තේන් ඔවුන්ට කරනු ලබන බලවත් අසධාරණයක් වෙයි.

ඊළඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මත වන්නේ 19 සංශෝධයත් සමඟ මැතිවරන ක්‍රමයත් සංශෝධනය විය යුතු බවය. මැතිවරන ක්‍රමය සංශෝධනය වියයුතු බව සත්‍යයකි. එහෙත් ඊට දිගු කලක් ගතවන බව මේ වන විට පැහැදිලිව නිරාවරණය වී තිබේ. එම තත්වයන් හමුවේ ශ්‍රීලනීපය මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම 19 සමඟම කළ යුතු බව කියමින් පෙනී සිටීමේ වුවමනාව දේශපාලනික කරුණක් යැයි කලපනා කළ හැකි සාධකයක් ඇත්තේ නැත. එවැන්නක් තිබුණානම් එහි එකම හේතුව විය හැක්කේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව විධායක තනතුරේ තවත් කාලයක් ‍රැඳී සිටිමේ වුවමනාවය.

එහෙත් සිරිසේන මහතාට එවැනි අවශ්‍යතාවයක් ඇතැයි සැක කළ හැකි තත්වයක් තවම මතුව නැත. එසේ නම් ශ්‍රී ලනීපයේ මේ දඟලන්නේ කුමකටදැයි පැහැදිලිකර ගත යුතුය. මේ මොහොතේ මැතිවරණයකට ගිය හොත් ශ්‍රි ලනීපයට දරුණු පරාජයක් අත්වීම වැලැක්විය නොහැකි වනු ඇත. අද විපක්ෂ නායක කම් දරන්නන්ට යළි මන්ත්‍රීධුරයක් හෝ ලබා ගැනීමද අසීරුවනවාට සැක නැත. මේ නිසා කල් මැරීමේ උපක්‍රමයක් මඟින් වත්මන් එජාප ප්‍රමුඛ ආණ්ඩුව ජනතාව අතර අපකීර්තියට පත්වන්නට ඉඩ හැර මැතිවරණයකට යාම ඔවුන්ගේ අරමුණය. පසුගියදා භාන්ඩාගාර බැඳුම්කර සම්බන්ධයෙන් විපක්ෂ නායක වරයාගේ මත දැක්වීමෙදී පොළා පැන්නේද මේ වුවමනාවය.මේ රාජ්‍ය සේවකයා වැ‍ටුප් ගෙවා ගන්නටවත් නොහැකි ආණ්ඩුවක් යැයි සමාජ ගත ක්‍රන්නට දැඩි උත්සාහයක් ඔහු දැරුවේය. එමෙන්ම ඒ යෝජනාවද පරාජය කරනු ලැබුවේය.

මේ අනුව ශ්‍රී ලනීපය කල්පනා කරන්නේ තමන්ගේ බඩ ගෝස්තරය වෙනුවෙන් මිසක රටේ යහපත ගැන නොවන බව පැහැදිලිය. මේ ශ්‍රී ලනීපය යනු මහින්දගේ ආරෙට සකස්වුනු පක්ෂයක් යැයි ඉහතින් සඳහන් කළේ ද මේ නිසාය. මහින්ද කල්පනා කළේ තම පවුල ගැන පමණය. රටේ සමස්ථයට යහපතක් වියයුතු බව මහින්ද කිසිදා කල්පන්නා කළේ නැත. ප‍ටු චින්තනයක් මත වූ ගෝත්‍රවාදී පාලනයක් පිහි‍ටුවා ගත්තේ ඒ බැවිනි. මේ නිසා මහින්දට යට වුණු ශ්‍රී ලනිපයේ සඟ වෙද ගුරු ගොවි කම්කරු පංච මහා බලවේගය ගැන විස්වාසය නොතබා තමගේ පංචස්කන්ධය ගැන හිතන හිවලුන් පිරිසකගේ පක්ෂයක් බවට පත් විය.

මේ නිසා මේරටේ ප්‍රජාතන්ත්‍රවාදී ගමන ශක්තිමත්වන්නට මේ මජර දේශපාලන වුවමනාවන් සහිත පක්ෂ හා එම නායකයන් පරාජයට පත් කිරීමටද මේ රට හමුවේ ඇති අලුත් අභියෝගය බවට පත්ව තිබේ.

- ජනතා පාක්ෂිකයා

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us