කලකදි වස කලකදි රස - දැන් ගෝඨා ෂෝක් Featured

Wednesday, 08 April 2015 07:26

දේශපාලන භූමියේ සදාකාලික සතුරන් හෝ මිතුරන් නැතැයි යන්න ප්‍රසිද්ධ කියමනකි. එස්. ඩබ්ලි්‍යු. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවීමෙන් අනතුරුව මෙකී කියමන සත්‍යයක් බව පසක් වුව ද වර්තමානයේ තරම් ප්‍රකට නොවුණි.

එහෙත් එදා මෙදාතුර දේශපාලන කරනම් අපට අරුමයක් නොවී ය. මෙය වඩාත් විධිමත් මෙන්ම තුච්ඡ ලෙස කරළියට එන්නේ මහින්ද රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් වරින් වර අරලියගහ මන්දිරයට යාමත් සමග ය. මේ වන විට එම ක්‍රියාදාමයේ කූටප්‍රාප්තිය එලඹ ඇත්දෝ යන සැකයක් මතුවෙමින් පවතී.

2015 ජනවාරි 08 වන දින මෙරට ඡන්ද දායකයෝ හැට දෙලක්ෂයකට අධික ප්‍රමාණයක් සිය ජීවිත ආශාවන් ද අත්හැර හංසයා ඉදිරියේ කතිරය ගසා මෛත්‍රීපාල සිරිසේන මහතා රටේ ජනාධිපති ධුරයට පත් කළේ ජනතාවගේ සතුරන් පිටු දැකීමට මිස ඔවුන් දේශපාලකයන්ගේ මිතුරන් බවට පත්කරගන්නට නොවේ. එහෙත් දැන් සිදුවෙමින් පවතින්නේ එදා ජනතාවගේ පරම සතුරන් මෙදා ආණ්ඩුවේ මිතුරන් බවට පත්වෙමින් තිබීම ය; එදා ජනතාවගේ සතුරන් තමන් කළ සියලු වැරදි විවිධ පුද්ගලයන් මත පටවා අත සෝදා ගැනීම ය. එහි උත්ප්‍රාසාත්මක අවස්ථාව ලෙස ගෝඨාභය රාජපක්ෂ සමග srilankamirror වෙබ් අඩවියේ සංස්කාරක කැළුම් ශිවන්ත කළ video සම්මුඛ සාකච්ඡාව සඳහන් කළ හැකි ය.

ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ධුරය දරන සමයේ ඔහුගේ පරම හතුරා බවට පත්ව සිටියේ අනතර්ජාල මාධ්‍යය යි. ඒ අතරින් වඩාත්ම පහරකෑමට ලක්වූයේ lankaenews වෙබ් අඩවිය යි. 2010 වසරේ ජනාධිපතිවරණයට පැය 24ක් තිබිය දී එහි සේවය කළ ප්‍රගීත් එක්නැළිගොඩ සොයුරා අතුරුදන් වීමේ සිට අදාළ වෙබ් අඩවිය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල හිමි පුද්ගලයාට තර්ජනය කිරීම හරහා අවසානයේ එම ස්ථානයෙන් lankaenews වෙනත් ස්ථානයකට රැගෙන ගියේ ය. අනතුරුව මේ ගහලයෝ අදාළ ගොඩනැගිල්ල ද ගිනිබත් කළෝ ය. එපමණකින් නොනැවතී අදාළ ගොඩනැගිල්ල ගිනිතැබීමට සැකපිට එහි ප්‍රවෘති සංස්කාරක බෙනට් රූපසිංහ ද අත්අඩංගුවට ගත්තේ ය. (පසු කලක ඔහු ද රාජපක්ෂ රෙජිමයේ කුණු සෝදන්නන් හා එකතු විය.) මේ සියල්ලෙහි අවසන් ප්‍රතිඵලය වූයේ lankaenews කර්තෘ සඳරුවන් සේනාධිර සොයුරාට දේශපාලන රැකවරණ පතා සිය පවුලත් සමග වෙනත් රටකට පලා යාමට අවකාශ විවරවීම ය. ඔහු පලා ගිය ද ඔහුගේ කාර්ය භාරය පලා නොගියේ ය. එදා සිට අද දක්වා ඔහු නිරන්තර අරගලයක යෙදෙමින් සිටින්නේ ය. එදා ඔහු රෙජිමයට එරෙහි ක්‍රියාදාමයක නිරත වූ අතර වර්තමානයේ යහපාලනයේ දුර්වල තැන් මතුකරමින් තව දුරටත් එය ආරක්ෂා කරගැනීම සඳහා කැපවෙමින් සිටී.

එහෙත් ලංකාවේ srilankamirror වෙබ් අඩවියේ කර්තෘ කැළුම් ශිවන්ත මේ වන විට ගෝටාඨාභය රාජපක්ෂ යළි දේශපාලනයට රැගෙන ඒම සඳහා අවැසි මාර්ග එළි පෙහෙළි කරමින් සිටී. ලියුම්කරු දන්නා තරමින් එදා srilankamirror සේවක පිරිස ( හා srilankaxnews වෙබ් අඩවියේ මාධ්‍ය වේදීන්දෙදෙනකු එකම ගොඩනැගිල්ලකදී) අත් අඩංගුවට ගෙන 'ජනාධිපතිවරයාගේ රාජකීය මහිමය කෙළෙසුවාය යැයි කියමින් චෝදනා කරමින් ගොනු කළ නඩුව ද තවමත් විභාග වෙමින් පවතී. ඒ සඳහා වගකිව යුත්තේ ගෝඨාභය යැයි එදා මොරදුන් කැළුම් අද තම වෙබ් අඩවිය හරහා ගෝඨාභය යළි දේශපාලන කරළියට රැගෙන ඒමට අවැසි මාවත් ශුද්ධ පවිත්‍ර කරයි; ඒ සඳහා ගෝඨාභයගේ දුර්වල ස්ථාන මගහැර ඔහු ශුද්ධවන්තයකු කරන්නට කැසකවයි.

මේ අතර ගෝඨාභය දේශපාලන කරළියට පිවිසෙන්නට 2010 වසරේ එවකට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ පුද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ කපිතාන් සේනක හරිප්‍රිය ද සිල්වා ගේ 'අපේ ජාතික පෙරමුණ'ලබා දෙන බවත් ප්‍රකාශ වී තිබේ.. මේවන විට දැනගන්නට ඇති ආරංචිවලට අනුව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ දේශපාලන ගමන් මට අවුරාලන්නට විවිධ කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙමින් පවතී. එය ඔහු ද නොදන්නවා නොවේ.

ඔහුගේ ගමන වළක්වාලීම සඳහා ඔහු ජනාධිපති අපේක්ෂකයා බවට පත්කළ සහ එදා ඔහුට සහය දුන් සියලු පක්ෂ මේ මොහොතේ එක් පිලක සිට ඔහු වළකාලන්නට යත්න දරන බව දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ රහසකි. එසේ නම් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ පරම සතුරා බවට පත්ව සිටි ගෝඨාභය රාජපක්ෂට අද යළි දේශපාලන කරළියට පැමිණිම සඳහා කපිතාන් සේනක හරිප්‍රිය සිය පක්ෂය තුළ ඉඩ හසර සලසන්නේ කුමක් සඳහා ද යන්න අබැටක් තරම් මොළයක් තිබේනම් වටහාගැනීම ඉතා ම පහසු ය.

මේ වන විට ලංකාවේ ප්‍රධාන පුද්ගලික විද්‍යුත් නාලිකාවක් වන දෙරණ නාලිකාව හරහා විකාශනය වන ‘‘මොකද වුණේ ?’’ වැඩසටහන හරහා දේශපාලන අනාතයන් බවට පත්වී සිටින චරිත කරළියට රැගෙන ඒමට උත්සාහ දරමින් සිටී. Srilankamirror හරහා ගෝඨාභය දේශපාලන කරළියට රැගෙන ඒමට දරන උත්සාහය සහ දෙරණ නාලිකාවේ උත්සාහය අතර කිසිඳු වෙනසක් නොමැත. ගෝඨාභය පවසන වචනයක් වචනයක් පාසා පවතින්නේ සෝපහාසය යි. මන්ද ඔහුට අනුව පසුගිය රාජපක්ෂ සමයේ විරුද්ධ පාක්ෂිකයන්ට එරෙහිව සිදු වූ කිසිඳු තර්ජනයකට, බියවැද්දීමකට, පැහැරගෙන යාමකට, ඝාතනය කිරීමකට ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධ නැත. කෙටියෙන් ම පවසන්නේ නම් සරත් ෆොන්සේකාට බොරු නඩු පටලවා ඔහු දඟ ගෙට යැවීමට ද කිසිඳු සම්බන්ධයක් නැත. එම ක්‍රියාවලිය ද සිදුව ඇත්තේ මහින්ද රාජපක්ෂගේ තනි කැමැත්තට අනුව ය.

කැළුම් ශිවන්ත ගෝඨාභය රාජපක්ෂ සමග කළ video පටයේ අන්තර්ගත කරුණු අනුව මේ මොහොතේ ගෝඨාභය සුපිරිසුදු චරිතයකි. මේ අනුව එදා ඥානසාරලාට රා පොවා මුසල්මානුවන් ඝාතනය කිරීමට ඉඩ හසර ලබා දෙන්නට ඇත්තේ ද මහින්ද රාජපක්ෂ විය යුතු ය. මන්ද එදා ඥනසාරලා වැනි සර්පයන්ට කිරි පොවා සාත්තු කර ඇතිදැඩි කළේ ගෝඨාභය යැයි වඩ වඩාත් ප්‍රසිද්ධ කළේ අද ගෝඨාභය රාජපක්ෂ දේශපාලන කරළියට රැගෙන එන්නට මාවත පිරිපහදු කරනා කැළුම් ශිවන්තලා ම ය. ඒ Srilankamirror වෙබ් අඩවිය හරහා ය.

කෙසේ නමුත් අවසානයේ සිදුවන්නේ යහපාලනය පිළිබඳ දහසක් බලාපොරාත්තු පොදි බැඳ සිටි ජනතාවට යළි යළිත් අයහපත් දේශපාලකයන්ගෙන් සපිරි දේශපාලන භූමියක් මත මිහිදන්වීමට ය. එහෙයින් කළ යුතුව ඇත්තේ කුමක් ද? එක්කෝ සිය දිවි නසාගත යුතු ය. එසේත් නැත්නම් මේ අවස්ථාවාදී දේශපාලන ව්‍යාපාරිකයන්ට එරෙහිව එකාමෙන් පෙරට පැමිණ අනාගත දු පුතුන් වෙනුවෙන් සටන් වැදිම ය; සටන් වැද මිය යාම ය. මන්ද හෙට දිනයේ එදා සුදු වැන් වෙනුවට වෙනත් වාහනයක් ආදේශ වන දිනය වැඩි ඈතක නොවන බැවිනි.

ජයසිරි අලවත්ත This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us