ජයසූරියගෙ පුටුව කපිල විජේගුණවර්ධනට!

Published in ක්‍රීඩා
Wednesday, 08 April 2015 12:08

කපිල විජේගුණවර්ධන මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ සාමාජිකයෙකු ලෙස ද ඔහු මේවන විට කටයුතු කරනු ලබයි.

පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය මහතා එම තනතුරින් ඉවත්වූයේය.

අලුතින් පත් කෙරුණු ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ කටයුතු වලට සහය පළ කරමින් ඔහු ඉවත්වූ බව කියැවිණ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස මේවන විට සිදත් වෙත්තමුණි මහතා කටයුතු කරයි.

පසුගියදා නම් කළ එම අතුරු කමිටුවේ සාමාජිකයින් අතර කපිල විජේගුණවර්ධන මහතාද සිටින අතර එහි සෙසු සාමාජිකයින් වන්නේ නුස්කි මොහොමඞ්, කුෂිල් ගුණසේකර, ප්‍රකාශ් ෂාෆ්ටර්, ජයනන්ද වර්ණවීර, ප්‍රසන්න ජයවර්ධන, දුමින්ද හුළංගමුව, ලුසිල් විජේවර්ධන සහ යන අයයි.

ඒ අනූව ඔහු ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙසත්, අතුරු කමිටුවේ සාමාජිකයෙකු ලෙසත් කටයුතු කරන බව සඳහන්ය.

අද දෙරණ

සබැදි පුවත්


ක්‍රිකට් තෙරීම් කමි‍ටුව ඉල්ලා අස්වේ

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us