19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි නෑ,ඇතැම් වගන්ති වලට ජනමත විචාරණයක් ඕනෑ

Published in පුවත්
Thursday, 09 April 2015 14:39

19 වන ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි නොවන බව කථානායක චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට දන්වා ඇත.

එහි සඳහන් ඇතැම් වගන්නි කිහිපයක් ගැටලු සහගත බවක් පවතින නිසා, ඒවා ජනමත විචාරණයකින් සම්මත කර ගත යුතු බවද කථානායකවරයා දැනුම්දී ඇත.

19 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82(1) විධිවිධානවලට අනුකූල බවටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 (5) ව්‍යවස්ථාවේ දක්වා ඇති විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කළ යුතු බවටත් කතානායකවරයාගේ නිවේදන ඉදිරිපත් කරමින් අද (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.

එසේම 11 වන වගන්තිය 42 (3), 43 (1), 43 (3), 44 (2) , 44 (3), 44 (5) අනුව්‍යවස්ථා සහ 26 වෙන වගන්තියේ 104 (ආ) සහ 5 (ඈ) අනුව්‍යවස්ථා සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව ජනමත විචාරණයක දී ජනතාව විසින් අනුමත කිරීම අවශ්‍ය බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත.

මෙහිදී නැගී සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ජනමත විචාරණය උවමනා යැයි කියන වගන්ති සියල්ල මේ සංශෝධන මගින් ඉවත් කරන බවට කාරක සභා අවස්ථාවේ දැනුම් දෙන බව පැවසුවේ යැයි රජයේ නිල පුවත් වෙබ් අඩ‍වියේ සඳහන්වේ.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය පසුගියදා රජය විමසා තිබූ අතර ඒ අනුව උසාවිය එහි නිර්දේශය කතානායකවරයා වෙත පසුගියදා දැනුම්දී තිබුණි.

ඒ අනූව කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ‍ඒ සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය දැනුම් දී ඇත.

අද පස්වරු 1ට පමණ පාර්ලිමේන්තුව රැස්වූ අතර පස්වරු 3ට මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us