subash

subash

දින 100 වැඩ පිළිවෙළ මගින් මෙතෙක් ජනතාවට හිමි කර දී ඇති සහන පිළිබඳ සතුටට පත් වන බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල පවසයි.ආණ්ඩුවේ දින 100 වැඩපිළිවෙළ පිළිබඳ මහත් උනන්දුවකින් බලා සිටින බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල කියා සිටියේය.

ජගත් ජයසේකරගේ සහ නදීකා බංඩාරගේ සම අධ්‍යක්ෂණයක් වන රෝමියෝ ජුලියට්ලා වේදිකා නාට්‍යය ලබන 18 වන සෙනසුරාදා සවස 6.30ට බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර්හිදී වේදිකා ගතවේ.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා දැන් නොම්මර එකේ දේශපාලන තක්කඩියකු ලෙස බෞතිස්ම කිරීමේ කාර්යය අප සහෝදර වෙබ් අඩවියක් වූ 'ලංකා නිව්ස් වෙබ්' විසින් බාර ගෙන තිබීම එක අතකින් සතුටට කරුණකි.  
 
මෙතුවක් කල් රාජපක්ෂලා හා වුන්ගේ හෙංචයියලා හැරෙන්නට අන් කිසිවකුට සරත් ෆොන්සේකා යනු තක්කඩියකු වූයේ නැත. අවංකව සෘජුව වැඩ කරන අභීත විරුවෙකු ලෙස ඊයේ පෙරේදා වන තෙක් ඔවුහු සිතා සිටියහ. 

මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පළාත් සභාවේ විපක්ෂ නායක රංජිත් අලූවිහාරේ විසින් එහි නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරයාට අද(17) භාරදෙනු ලැබුවේය.

නියම අපරාධකරුවන් නීතියේ රැහැනට කොටු කරගැනීම සඳහාත් රටේ වැඩිවන අපරාධ මැඬලීමට සහ ඩී.එන්.ඒ. රටා දත්ත බැංකුවක් ආරම්භ කිරීමට ජින්ටෙක් ආයතනය පියවර ගෙන ඇතැයි එහි විද්‍යාඥ රුවන් ඉලේපෙරුම මහතා පැවසීය.

ආණ්ඩුවේ ව්‍යවස්ථා කෙටුම්පත් කණ්ඩායමේ සාමාජිකයෙකු වූ ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියට කී පරිදි, ජනමත විචාරණයකින් තොරව ජනාධිපති ක්‍රමය මුළුමණින් අහෝසි කර ගැනීමේ අවකාශය මේ අධිකරණ තීන්දුව හරහා විවරව ඇත.

මෙතරම් අවබෝධයකට පසු, මොන සමාවක්ද? - ටී. එස්. එලිඔට් ( ජෙරෝන්සන්)

අපි අවබෝධ කර ගත් මූලික කාරණයක් තිබේ. ඒ වූ කලී, ‘ප්‍රජාතන්ත්‍රවාදයට’ මුවා වී රටේ ජනතාවගේ මූලික අයිතීන් කොල්ල කෑමෙන් සිදුවන විනාශය සහ තම කොල්ල කෑම “දේශහිතෛශී” ප්‍රචාරණ උපායන් මඟින් වසා දැමිය හැකි සීමාවන්ය.

පසුගිය රාජපක්ෂ රෙජීමයේ සුවිශේෂිත චරිතයක් වූ ගෝඨාභය රාජපක්ෂ සමග srilankamirror වෙබ් අඩවිය කළ සම්මුඛ සාකච්ඡාව මහත් ආන්දෝලනයකට ලක්විය. ඒ සම්බන්ධයෙන් 2015 අ‌ප්‍රේල් මස 15 වැනිදා යම් සටහනක් තැබූව ද ඒ වන විට එම සම්මුඛ සාකච්ඡාවේ සම්පූර්ණ විඩියෝ පටය විකාශනය කර නොතිබිණ.

 ජනාධිපති කාර්යාලයේ රැකියා ලබා දෙන බවට පුද්ගලයින් මුළා කර රුපියල් හත්ලක්‍ෂ අසූහත්දහස්‌ පන්සියයක මුදලක්‌ වංචා කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන සිටි ජනාධිපති මාධ්‍ය ඒකකයේ නියෝජ්‍ය ප්‍රධානියා වූ අෂ්රොෆ් අලි නැමැති අයකු මෙම 30 දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කඩුවෙල මහෙස්‌ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ධම්මික හේමපාල මහතා ඊයේ (16 දා) නියෝග කළේය.

වහාම ක්‍රියාත්මක වන පරිදි ජීවන වියදම අඩු කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය ස්ථාපිත කිරීම සහ හොරකම හා දූෂණය නැති කිරීම යන රජයේ දින සියයේ වැඩසටහනින් බලාපොරොත්තු වූ මූලික කරුණු තුනම මේ වන විට සාර්ථකව ජයගෙන ජනතාවට සහන ලබා දී ඇතැයි ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කෙළේය.

Connet With Us