subash
පරාජිත, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කිසිදු මැයි රැලියකට සහභාගි නොවීමට තීරණය කොට ඇතැයි ඔහුට සමීප ආරංචි මාර්ග පවසයි.
එජනිස මන්ත්‍රී 36 කට නාම යෝජනා නෑ. විමල්ටත් අබ සරණයි
එළඹෙන මහ මැතිවරණයේදී වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීන් 36 දෙනෙකුට එම පක්ෂයෙන් නාම යෝජනා නොලැබෙන ලකුණු පහළ වී තිබේ. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ හිටපු ජනාධිපතිනිය විසින් මෙම 36 දෙනාට නාමයෝජනා ලබා දිය යුතු නැති බවට වත්මන් ජනාධිපතිවරයාව දැනුවත් කර ඇති බවය.
රට පාලනය කිරීම සඳහා වරින් වර පත්වන ආණ්ඩු තම තමන්ගේ කාලසීමාවන් තුළ විවිධ රටවල් සමග විවිධාකාරයේ වෙළෙඳ ගිවිසුම්වලට එළඹෙන්නේ ය. එම ගිවිසුම් කෙතරම් දුරට ලාංකීය ආර්ථිකයට සහ ලාංකීය දේශපාලනයට වැදගත් ද නොවැදගත් ද යන්න පිළිබඳ ජනතාව දැනුවත් කිරිමක් නම් මේ කිසිඳු අවස්ථාවක සිදුව නැත. ජනතාව ඒ සම්බන්ධයෙන් දැනුවත් වන්නේ ඒ ඒ සමයන්හි පවතින විපක්ෂයෙන් හෝ වෙනත් සිවිල් සහ බහුජන සංවිධාන මාර්ගයෙනි. මීට පස්වසරකට පමණ පෙර කරළියට පැමිණි ‘‘සීපා ගිවිසුම’’ හෙවත් Comprehensive Economic Partnership Agreement ගිවිසුම ද එවැන්නකි.
වටිනාපහ සෝමානන්ද හිමියන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවට
පූජ්‍ය වටිනාපහ සෝමානන්ද හිමියන් ප‍්‍රකාශයක් ලබාගැනීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබේ.
ක්‍රීඩාව සඳහා ශ්‍රී ලංකාවේ හිටපු එක්දින ක්‍රීඩක කුමාර් සංගක්කාර කළ මෙහෙය අගයමින් ඔහු ආසියානු සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍රවී තිබේ. ඊයේ (17දා) රාත්‍රියේදි එංගලන්තයේදී මෙම සම්මාන උළෙල පවත්වා තිබේ.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද උදෑසන ඉන්දියාව බලා පිටත්ව ගියේය. උදෑසන 7.40ට පමණ අග‍්‍රාමාත්‍යවරයා රැගත් ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 165 දරන යානයෙන් අග‍්‍රාමාත්‍යවරයා ඉන්දියාවේ කොචින් බලා පිටත්ව ගියේය.
19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දැනට පවතින ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා වන විශේෂ සර්ව පාක්ෂික රැස්වීමක් හෙට (19) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වේ.
ජනතා විමුක්‌ති පෙරමුණ සමග නැවත එක්‌වීමේ කිසිදු අදහසක් නොමැති බව එම පක්‍ෂයෙන් ඉවත් වූ එහි හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා පවසයි.
පසුගිය ජනාධිපතිවරණයේදී පරාජයට පත්වූ මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය ලබාදුන් ලක්‍ෂ 58ක ජනතාව සමග ‘රටට පණ දෙන මැයි දිනය’ නමින් විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ ද මැයි දිනය සැමරීමට සූදානමින් සිටී.
සිය අමාත්‍යංශයේ සිටින 'මාෆියා කණ්ඩායම්වල' බලය බිඳ දැමීම පිණිස ප්‍රබල උත්සාහයක් දරමින් සිටින බව සංචාරක සහ ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍ය නවීන් දිසානායක පවසයි.
