විමල්ට පණ දෙන මැයි ‍රැළියට ලක්ෂ 58 ක් එනවලු !

Published in පුවත්
Friday, 17 April 2015 20:50

පසුගිය ජනාධිපතිවරණයේදී පරාජයට පත්වූ මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය ලබාදුන් ලක්‍ෂ 58ක ජනතාව සමග ‘රටට පණ දෙන මැයි දිනය’ නමින් විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ ද මැයි දිනය සැමරීමට සූදානමින් සිටී.

එම පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා පවසන්නේ මැයි දින සැමරුම වෙනුවෙන් සහභාගී වීම සදහා මේ වනවිට වෘත්තීය සමිති සමග ජාතික නිදහස් පෙරමුණ සාකච්ඡ පවත්වන බවයි.

මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයේදී ඡන්දය ලබාදුන් පනස් අට ලක්ෂයක ජනතාව එදින එක් තැනකට ඒකරාශී කිරීම සිදු කරන බවත් මුසම්මිල් මහතා වැඩිදුරටත් පවසයි.

දේශපාලන වශයෙන් අවතැන්වී පණ අදිමින් සිටින ජාතික නිදහස් පෙරමුණ, මහින්දගේ සාටකයේ එල්ලී පණ කඳ ‍රැක ගැනීමට ගන්නා උත්සාහයේ පියවරක් ලෙස පැවැත්වෙන  මෙම මැයි ‍රැලිය සඳහා මහින්ද රාජපක්ෂව  මොහොතකට හෝ වේදීකාව මතට ගෙන්වා ගැනීම සඳහාද විශාල වෙහෙසක් විමල් වීරවංශ මහතා දරමින් සිටින බවත් වාර්තාවේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us