ජවිපෙ සමඟ යළි හාදකම් නැහැ - සෝමවංශ

Published in පුවත්
Saturday, 18 April 2015 07:04

ජනතා විමුක්‌ති පෙරමුණ සමග නැවත එක්‌වීමේ කිසිදු අදහසක්‌ නොමැති බව එම පක්‍ෂයෙන් ඉවත් වූ එහි හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා පවසයි.

මෙම තීරණය ගැනීම සඳහා තමන් ටික කාලයක්‌ බලා සිටි බවත් තමන් ගත් තීරණය නිවැරැදි බැවින් නැවත එය වෙනස්‌ කිරීමේ අවශ්‍යතාවක්‌ නොමැති බවත් හෙතෙම කියා සිටියේය.

තමන්ගේ තීරණය පිටුපස කිසි කුමන්ත්‍රණයක්‌ නොමැති බවත් පැවසූ සෝමවංශ අමරසිංහ මහතා ජනතා විමුක්‌ති පෙරමුණේ දේශපාලනික අපොහොසත් බව ඊට හේතුව බවත් පැවසීය.

මෙම අපොහොසත් බවේ වගකීම පක්‍ෂයේ සියලු නායකයන් භාරගත යුතු යෑයි කියා සිටි සෝමවංශ අමරසිංහ මහතා වර්තමාන ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක මහතා පක්‍ෂයට හමුවූ දක්‍ෂ නායකයකු බව ද කියා සිටියේය.

ප්‍රධාන පක්‍ෂ දෙකෙහි දේශපාලනය ඉතා ශීඝ්‍රයෙන් ජනතාවගෙන් ප්‍රතික්‍ෂේප වෙමින් පවතින බවත් එම ජනතාව වෙනුවෙන් නව පක්‍ෂයක අවශ්‍යතාව මතුව ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

තමන්ගේ මෙම තීරණය ජනතා විමුක්‌ති පෙරමුණට එරෙහි වීමක්‌ හෝ එම පක්‍ෂයට එරෙහි තවත් පක්‍ෂයක්‌ තැනීම නොවන බවත් කියා සිටි හෙතෙම මෙම උත්සාහය ජවිපෙ නිවැරැදි දිශාවට රැගෙන යැමට බවත් කීවේය.

මේ අතර අලුත් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීම පිළිබද ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා ඊයේ(17) මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහාතා හමුවී කරුණු විමසා තිබේ.

මැතිවරණ කොමසාරිස් වරයා මුනගැසී දේශපාලන පක්ෂයක් ලියාපදංචි කරීම සඳහා තොරතුරු විමසා ඇති ඒ මහතාට අවශ්‍ය තොරතුරු හා උපදෙස් මැතිවරණ කොමසාරිස් වරයා ලබාදී තිබේ.

Last modified on Saturday, 18 April 2015 07:10

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us