ජනපති, සර්ව පාක්ෂික රැස්වීමක් කැඳවයි

Published in පුවත්
Saturday, 18 April 2015 07:15

19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දැනට පවතින ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා වන විශේෂ සර්ව පාක්ෂික රැස්වීමක් හෙට (19) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද මේ සඳහා සහභාගී වීමට නියමිත අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන නොකරන සියලුම් පක්ෂවලට මේ සඳහා ඇරැයුම් කරනු ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දිනමිණට පැවැසීය.

අග්‍රාමාත්‍යවරයා මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ මතය ඉදිරිපත් කිරීමට නියමිත අතර නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීම සම්බන්ධයෙන් නව රජයේ කැපවීම පිළිබද මෙහිදී සෙසු පක්ෂවලට සහතිකයක් ද ලබාදෙනු ඇතියි එජාපයේ ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ජනාධිපතිවරයා මෙම රැස්වීමේ දී ශ්‍රීලනිපයේ නිල ස්ථාවරය පක්ෂ නායකයන්ට ඉදිරිපත් කිරීමට නියමිතය. එමෙන්ම සෙසු පක්ෂවලට විවෘතව තම අදහස් පළ කිරීම සඳහා අවස්ථාවක් මෙහිදී හිමිවනු ඇතැයි මේ පිළිබද කරුණු දැක්වූ රජයේ ප්‍රකාශකවරයා පැවසුවේය.

මෙම සර්ව පාක්ෂික රැස්වීමේ ප්‍රතිළුලය පදනම් කරගෙන සඳුදා(20) පාර්ලිමේන්තුවේ පක්ෂ නායක හමුව ද පැවැත්වෙනු ඇතැයි ඔහු වැඩිදුරටත් අනාවරණය කළේය.

diamina

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us