ජනාධිපති මාධ්‍ය ඒකකයේ නියෝජ්‍ය ප්‍රධානියා අත් අඩංගුවට

Published in පුවත්
Friday, 17 April 2015 07:54

 ජනාධිපති කාර්යාලයේ රැකියා ලබා දෙන බවට පුද්ගලයින් මුළා කර රුපියල් හත්ලක්‍ෂ අසූහත්දහස්‌ පන්සියයක මුදලක්‌ වංචා කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන සිටි ජනාධිපති මාධ්‍ය ඒකකයේ නියෝජ්‍ය ප්‍රධානියා වූ අෂ්රොෆ් අලි නැමැති අයකු මෙම 30 දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කඩුවෙල මහෙස්‌ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ධම්මික හේමපාල මහතා ඊයේ (16 දා) නියෝග කළේය.

මෙම සැකකරු කොළඹ පොලිස්‌ මූලස්‌ථාන විශේෂ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

සැකකරු ඉකුත් රජය පැවැති කාලයේ ජනාධිපති මාධ්‍ය අංශයේ ද්‍රවිඩ මාධ්‍ය හා මහජන සම්බන්ධතා ඒකකයේ සේවය කරමින් සිටියදී මෙම වංචා සිදු කර ඇති බවත් හෙතෙම මෙම නව රජයේ ජනාධිපති මාධ්‍ය අංශයේ එම තනතුරම දරමින් සේවයේ යෙදී සිටින බවත් පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිස්‌ මූලස්‌ථානයේ විශේෂ විමර්ශන ඒකකය අධිකරණයට වාර්තා කළේය.

සැකකරු ඉකුත් රජය සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ නම භාවිතා කරමින් ජනාධිපති කාර්යාලයේ විවිධ රැකියා ලබාදිය හැකි බව පවසමින් පුද්ගලයන්ගෙන් විශාල වශයෙන් මුදල් රැස්‌කරන බවට පොලිස්‌ විශේෂ විමර්ශන ඒකකයට පැමිණිළි ලැබී තිබිණි.

ඔහු ආගමන විගමන නීතිරීති උල්ලංඝනය කරමින් කලක්‌ රටින් පැනගොස්‌ සිටි බවට පොලිසියට වාර්තා වී තිබිණි. මේ අතරතුර සැකකරු පිළිබඳව පොලිසිය සෙවිල්ලේ සිටියදී මොහු ආපසු මෙරටට පැමිණෙන විට කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇත.

 

divaina

Last modified on Friday, 17 April 2015 07:55

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us