අපරාධ මඩින්නට DNA රටා දත්ත බැංකුවක්

Published in පුවත්
Friday, 17 April 2015 09:38

නියම අපරාධකරුවන් නීතියේ රැහැනට කොටු කරගැනීම සඳහාත් රටේ වැඩිවන අපරාධ මැඬලීමට සහ ඩී.එන්.ඒ. රටා දත්ත බැංකුවක් ආරම්භ කිරීමට ජින්ටෙක් ආයතනය පියවර ගෙන ඇතැයි එහි විද්‍යාඥ රුවන් ඉලේපෙරුම මහතා පැවසීය.

පසුගිය වසර 12 තුළ අප රටේ සිදු වූ ඉතා බිහිසුණු අපරාධ ඇතුළු අපරාධ 3500 කට සම්බන්ධ අපරාධකරුවන් ඇතුළු පුද්ගලන් දහස් ගණනකගේ ඩී.එන්.ඒ. රටා උපයෝගී කරගනිමින් මෙම දත්ත බැංකුව ස්ථාපනය කරන බව ඉලේපෙරුම මහතා සදහන්කරයි.

අබිරහස් ඝාතකයන් හා අපරාධකරුවන් හෙළි කරගැනීමට මෙන්ම, දිගින් දිගටම එකම වරදේ නියැළෙන අපරාධකරුවන් අල්ලාගැනීම සඳහා ඩී.එන්.ඒ. රටා දත්ත බැංකුව උපයෝගීවේ.

මේ වනවිට අපරාධකරුවන් ඇතුළු විවිධ පුද්ගලයන්ගේ ඩී.එන්.ඒ. දත්ත රටා දහස් ගණනක් ජින්ටෙක් ආයතනය සතුව පවතින බව  රුවන් ඉලේපෙරුම මහතා වැඩිදුරටත් පැවසුවේය.

Last modified on Friday, 17 April 2015 09:40

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us