දින සියයේ වැඩපිළිවෙල සාර්ථකයි - හර්ෂ

Published in පුවත්
Friday, 17 April 2015 07:48

වහාම ක්‍රියාත්මක වන පරිදි ජීවන වියදම අඩු කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය ස්ථාපිත කිරීම සහ හොරකම හා දූෂණය නැති කිරීම යන රජයේ දින සියයේ වැඩසටහනින් බලාපොරොත්තු වූ මූලික කරුණු තුනම මේ වන විට සාර්ථකව ජයගෙන ජනතාවට සහන ලබා දී ඇතැයි ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කෙළේය.

දිනෙන් දින ඉහළ ගිය ජනතාවට දරාගත නොහැකි වූ බඩු මිල වහාම අඩු කිරීම රජයේ දින සියයේ වැඩපිළිවෙළේ මූලික අරමුණක් විය. ඒ අනුව නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ධුරයේ වැඩ භාරගෙන අග්‍රාමාත්‍ය ධුරයට රනිල් වික්‍රමසිංහ මහතා පත්කොට බිහිකළ නව රජය ජීවන බර අඩු කිරීමට පියවර ගත් බව ද නියෝජ්‍ය ඇමැතිවරයා කීය.

පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල්, ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල අඩු කිරීම, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 13 ක මිල අඩු කිරීම, රජයේ සේවක වැටුප් හා විශ්‍රාමිකයින්ගේ දීමනා ඉහළ නැංවීම, තේ හා රබර් මිල ඉහළ නැංවීම ඇතුළු යහපත් ක්‍රියා පිළිවෙත නිසා සාමාන්‍ය ගෘහයක මාසික වියදම රුපියල් 3700 කින් අඩු වී ඇතැයි ද ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කෙළේය.

නව රජය බිහි වී ඉකුත් ජනවාරි මස 29 වැනිදා අතුරු අය වැයක් ඉදිරිපත් කොට, ඒ තුළින් වහාම බඩු මිල අඩුකොට, ජීවන වියදම අඩු කිරීමට කටයුතු කළ බව පෙන්වා දුන් නියෝජ්‍ය ඇමැතිවරයා, වැටුප් වැඩිකොට ජනතාවගේ ආදායම් ඉහළ නැංවීමට ද ඉන් පියවර ගත් බව කීය.

ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය ඇතිකිරීමට වහාම ක්‍රියාත්මක වූ රජය විධායක ජනාධිපති ධුරයේ අත්තනෝමතික බලතල ඉවත් කොට, පාර්ලිමේන්තුවට බලය පැවැරෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කොට ඇත. විධායක ජනාධිපතිවරයාගේ ධුර කාලය පස් වසරක් බවට යෝජනා කිරීම, තොරතුරු දැනගැනීමේ පනත ඉදිරිපත් කිරීම මෙන්ම ස්වාධීන රාජ්‍ය සේවක කොමිෂන් සභාව, ජාතික විගණන කොමිෂන් සභාව, ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව, ස්වාධීන ‍මැතිවරණ කොමිෂන් සභාව ස්ථාපිත කිරීමට මූලික පියවර ගෙන තිබේ. මේ සියලු පියවර හරහා රටේ ජනතාවට නිදහසත්, ප්‍රජාතන්ත්‍රවාදී හිමිකමත් උරුම කරදී තිබෙන බව ද ආචාර්යවරයා කීය.

රටපුරා දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම හරහා සිදුවූ මහා පරිමාණ අල්ලස්, දූෂණ හා වංචා ක්‍රියා මැඬලීමට රජය ගතවූ කෙටි කාලපරිච්ඡේදයේ කටයුතු කොට ඇත. ඒ අනුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ කටයුතු කාර්යක්ෂම කොට ඇත. මහා පරිමාණයෙන් ජනතාවගේ මුදල් වංචා කළ, හොරකම් කළ පිරිසගෙන් ඒවා අයකර ගැනීම කැළෑ නීතියට අනුව සිදුකළ නොහැකි බව කී හර්ෂ ද සිල්වා මහතා, යහපාලනයක් තුළ නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ඔස්සේ එය ඉටුකර ගැනීමට පියවර ගෙන ඇතැයි කීය.

ඒ අනුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ලබා දුන් පැමිණිලි ගැන විමර්ශන කඩිනම් කොට ඇත. ඊට අමතරව මූල්‍ය විමර්ශන ඒකකය, ශ්‍රී ලංකා පොලිසිය ද වෙන වෙනම මේ දූෂිතයින්ට එරෙහිව පරීක්ෂණ ආරම්භ කොට ඇත.

එම විමර්ශනවලින් හෙළිදරව් වන කරුණු නීතිපතිවරයාගේ උපදෙස් මත ස්වාධීන ‍අධිකරණයක් වෙත ඉදිරිපත් කොට දූෂිතයින්ට එරෙහිව නඩු පැවැරීමේ ක්‍රියාදාමය ඉක්මනින් සිදුකැරෙනු ඇතැයි ද නියෝජ්‍ය ඇමැතිවරයා අවධාරණය කෙළේය.

මේ ආකාරයෙන් රජයේ දින සියයේ වැඩසටහනින් රටේ ජනතාවට අතිවිශාල ආර්ථික සහන, නිදහස උරුම වී ඇතැයි හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දුන්නේය.

- දිනමිණ

Last modified on Friday, 17 April 2015 07:53

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us