අද(16) පස්වරුවේ පැලවත්ත ප්‍රදේශයේ විශේෂ පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
ඉදිරියේදී නව පක්ෂයක් ගොඩනැගීමටද බලාපොරොත්තු වන බව ඒ මහතා සදහන්කරයි. අමරසිංහ මහතා තම ඉවත්වීම පිළිබඳව අදහස් දක්වමින් වැඩිදුරටත් පවසා සිටින්නේ ශ්‍රී ලංකාවේ සමාජවාදය ඇතිකරලිය හැකි එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ වුවත් එම පක්ෂය හිතාමතාම එය පමා කරමින් සිටින බවයි.
තම ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරියේදී පක්ෂයට බාරදීමට පියවර ගන්නා බවද සෝමවංශ අමරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.