ගෝඨාගේ සම්මුඛ සාකච්ඡාව ගැන තවදුරටත්.. Featured

Friday, 17 April 2015 08:09

පසුගිය රාජපක්ෂ රෙජීමයේ සුවිශේෂිත චරිතයක් වූ ගෝඨාභය රාජපක්ෂ සමග srilankamirror වෙබ් අඩවිය කළ සම්මුඛ සාකච්ඡාව මහත් ආන්දෝලනයකට ලක්විය. ඒ සම්බන්ධයෙන් 2015 අ‌ප්‍රේල් මස 15 වැනිදා යම් සටහනක් තැබූව ද ඒ වන විට එම සම්මුඛ සාකච්ඡාවේ සම්පූර්ණ විඩියෝ පටය විකාශනය කර නොතිබිණ.

වරින් වර නොයෙක් වෙබ් අඩවි හරහා විකාශනය වූයේ තෝරාගත් කොටස් කිහිපයක් පමණි. එහෙත් පසුව වෙනත් වෙබ් අඩවියක් තුළින් අඩහෝරාවක වීඩියෝ පටයක් නරඹන්නට හැකි විය. එහි දී මෙම සම්මුඛ සාකච්ඡාව මෙහය වූ මාධ්‍යෙව්දියා ඇසූ ප්‍රශ්න සියල්ලට ම ‘‘පුංචි පහේ මං’’ පිළිතුරු සපයනවාටත් වඩා වේගයෙන් සහ උපක්‍රමශීලීව පිළිතුරු සපයන්නට ගෝඨාභය සමත්විය. එහෙත් ගෝඨාභය විසින් සපයන ලද පිළිතුරු හරහා ම ප්‍රති ප්‍රශ්න නැගීමට එම මාධ්‍යෙව්දියා නොපෙලඹුණි. ඔහු නගන ලද්දේ තමන් විසින් කලින් සකසාගත් ප්‍රශ්න කිහිපයක් පමණි. එකී ප්‍රශ්න සියල්ල ම ගෝඨාභයට ‘‘මං සුදනා’’ ලෙස සමාජගතවීමට ඇති මාවත හෙළිපෙහෙළි කිරිමට උපකාර විය.

මෙම සම්මුඛ සාකච්ඡාවේ දී ගෝඨාභය සැපයූ ඇතැම් පිළිතුරු හරහා ඔහුගේ අභ්‍යන්තර සිතුවිලි මෙන් ම අතීත ක්‍රියාකාරකම් ද එබිකම් කරන්නට විය.

ජනවාරි නව වන දින උදාවන විට අරලිය ගහ මන්දිරයේ පැවතියා යැයි පවසන කුමන්ත්‍රණය පිළිබඳ අදාළ මාධ්‍යෙව්දියා නැගූ පැනයට පිළිතුරු සපයන ගෝඨාභය පැවසුවේ ‘‘මම අසාර්ථක කුමන්ත්‍රණයක් කරන්නේ නෑ’’ යනුවෙනි. මෙහි යටි අරුත ඔහු විසින් මීට පෙර සාර්ථක කුමන්ත්‍රණ කර ඇති බව නොවන්නේ ද? ‘‘එසේ නම් ඔබතුමා මීට පෙර සාර්ථක කුමන්ත්‍රණ කර තිබේදැයි විමසන්නට එම මාධ්‍යයවේදියා නොපෙලඹුණේ මන්දැයි අදාළ සම්මුඛ සාකච්ඡාව සිහිබුද්ධියෙන් නරඹන්නෙකුට මතුවන ගැටලුවකි. එමෙන් ම කුමන්ත්‍රණයක් සිදුනොවුණ ද (ඔවුන් පවසන පරිදි) කුමන හෝ රහස් සාකච්ඡාවක් පැවති බව ගෝඨාභය ප්‍රකාශ කළේ ය. එකී සාකච්ඡාව රහස් කුමන්ත්‍රණයක් නොවන බව පසක් කරන්නට ඔහු වග බලාගත්තේ ය.

‘‘ඔබ සුපිරි ලේකම් වුණේ කෙසේද?’’ යැයි එම මාධ්‍යයවේදියා විමසන විට එකපැහැර ගෝඨාභය පිළිතුරු සපයන්නේ ‘‘ඒ මම සුපිරි වැඩ කළ නිසා’’ යනුවෙනි. ‘‘ඒ සුපිරි වැඩ මොනවාද? සුදුවෑන් සංස්කෘතියත් එකී සුපිරි වැඩේට අයත් ද? නාවික හමුදාව මෙහෙයවා පවත්වාගෙන ගිය වද කඳවුරුත් එම සුපිරි වැඩේට අයත් ද?’’ යන්න පෙරළා ප්‍රශ්න කරන්නට තරම් කශේරුකාවක් එම මාධ්‍යයවේදියාට නොතිබීම කනගාටුවට කරුණකි.

srilankamirror වෙබ් අඩවියේ මාධ්‍යයවේදියා ගෝඨාභයගෙන් ඇසූ සියලු ප්‍රශ්න මීට පෙර පුද්ගලික රුපවාහිනියක පැවති සම්මුඛ සාකච්ඡාවක දී අසන ලද ප්‍රශ්න අභිබවා යන්නට සමත් නොවී ය. වෙබ් මාධ්‍යය යනු පවතින විද්‍යුත් සහ මුද්‍රත මාධ්‍යය අභිබවා යමින් රටේ ජනතාවට නවමු අත්දැකීමක්, දැනුම් සම්භාරයක් සපයන මාධ්‍යයක් වුව ද මෙම සාකච්ඡාව එකී ස්ථාවරය සම්පූර්ණයෙන් ම පාහේ අවතක්සේරුවට ලක් කළේ ය. එයට ප්‍රධාන හේතුව වන්නට ඇත්තේ කුමක්දැයි නිශ්චිත තීරණයකට එලඹිය නොහැකි වුව ද එකි පිළිතුරු සැපයීමෙන් අනතුරුව ප්‍රති ප්‍රශ්න අසන්නට එම මාධ්‍යයවේදියා අසමත්වන්නේ අසන ප්‍රශ්නයට අදාළ සාක්ෂි කිසිවක් ඔහු සතුව නොමැති බැවිනි. එසේත් නැත්නම් එම චෝදනාකාරි ප්‍රශ්න සියල්ලට ම ගෝඨාභය නිවැරදිකරු කිරීමේ වුවමනාවක් එකී සම්මුඛ සාකච්ඡාවෙන් බලාපොරොත්තු වූ බැවින් විය හැකි ය.

උදාහරණයක් ලෙස ගතහොත් සීෂෙල්ස් හි ගෝඨාභයගේ ගිණුම් ඇද්දැයි විමසන විට ඔහු පවසන්නේ තමන්ට තිබෙන්නේ ලංකා බැංකුවේ ගිණුම පමණක් බවයි. එහෙත් ප්‍රශ්නය විමසන මාධ්‍යයවේදියා එකී පැනය අසන්නේ කුමන පදනමක් යටතේ ද යන්න ගෝඨාභය ද නොවිමසන අතර එවැනි ගිණුමක් ඇත යන්න තහවුරු කිරිම සඳහා කිසිඳු සාක්ෂියක් ඉදිරිපත් කිරීමට අදාළ මාධ්‍යයවේදියා ද අසමත්වන්නේ ය. ඔහු ප්‍රශ්න කරන්නේ නළුවකුගෙන් හෝ නිළියකගෙන් ඕපාදුප පිළිබඳ ප්‍රශ්න කරන ආකාරයට ය.

යුද්ධය අවසන් කළා යැයි පාරම්බානා රාජපක්ෂ රෙජිමයේ ප්‍රධාන පුරුකක් වන ගෝඨාභයගෙන් එල්. ටී. ටී. ඊ. සංවිධානය සම්බන්ධයෙන් නගන පැනයට ද ඔහු පිළිතුරු සපයන්නේ නැවතත් එම සංවිධානය හිස ඔසවනු ඇතැයි යන නිගමනයක සිටිමිනි. එහෙත් ‘‘එල්. ටී. ටී. ඊ. සංවිධානය මුලිනුපුටා දැමුවා යැයි පවසන්නේ ඔබතුමාලා නේද? එසේ නම් යළිත් එවැනි තත්ත්වයක් උදාවන්නේ කෙසේද?’’ යැයි මේ මාධ්‍යයවේදියා පෙරළා ප්‍රශ්න නොකරයි. ඉන් සිදුවන්නේ කුමක් ද? මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ අනාත වි සිටින අමන දේශපාලන රැල මේ වන විට ගෙන යන ඊනියා භීතිය පිළිබඳ ප්‍රචාරයට එම පිළිතුර වඩ වඩාත් සාක්ෂි සැපයිම නොවන්නේ ද? යුද්ධය අවසන් කිරිම සඳහා තමන්ගේ දායකත්වය සැපවුවාය කියා විශාල පොත් පවා ලියවාගත් ගෝඨාභය ම එල්. ටී. ටී. ඊ. සංවිධානය යළි හිස ඔසවන්නට ඉඩ ඇතැයි පැවසීම මේ රටේ ජනතාවගේ සිතු තුළ යළිත් බිය තැන්පත් කිරීමක් නොවන්නේ ද? යළිත් දෙමළ ජනයා කෙරෙහි පිළිකුලක්, සැකයක් සහ වෛරී බව ඇති නොකරන්නේ ද?

වඩාත් ම පිළිකුල් සහගත ප්‍රශ්නය සහ පිළිතුර වන්නේ ප්‍රගීත් එක්නැළිගොඩ සහෝදරයා පිළිබඳ නැගූ ප්‍රශ්නය සහ පිළිතුරයි. එහි දී ගෝඨාභය කිසිඳු හිරිකිතයකින් තොරව, ලැජ්ජා බයකින් තොරව එකී පැනයට ඊනියා පිළිතුරක් සපයා ආඳා න්‍යායෙන් ලිස්සා යයි. ඔහු පවසන්නේ ඒ සම්බන්ධයෙන් කළ පරීක්ෂණ කිසියම් සීමාවක දී ඉන් ඔබ්බට ගෙන යාමට නොහැකි වු බවයි.

ඔව්... ඒ බව සාමාන්‍යය ජනතාව නොදැනුවත් වුව ද අපි දැනුවත්ව සිටින්නෙමු. ප්‍රගීත් සහෝදරයා අතුරුදන් වීමට මොහොතකට පෙර ඔහු ගේ දුරකතනයේ බැටරිය අක්‍රීයව ගිය විට ඔහු අසල සිටි මිතුරා ගේ දුරකතනයෙන් අදාළ දුරකතනයට ඇමතුමක් ගෙන ඉදිරියේ දි එම දුරකතනයට ඇමතුම් දෙන්නැයි ඉල්ලා සිටියේ ය. ඒ අනුව අවසන් මෙහාහොත දක්වා (ප්‍රගීත් සොයුරා lankaenews කාර්යාලයෙන් නික්ම යනතුරු) ඔහු හමුවීමට එන පුද්ගලයා ඇමතුම් ලබාදුන්නේ අසල සිටි මිතුරාගේ දුරකතන අංකයට ය. එම දුරකතන අංකය කුමක් ද, එය හිමිකරුවා කවුද යන්න සොයා බැලීම අපරාධ පරීක්ෂණය මෙහෙයවන්නන්ගේ වගකීම වුව ද එය ක්‍රියාත්මක නොවුණි.

ප්‍රගිත් සොයුරාගේ අතුරුදන් වීමෙන් ඉක්බිති අදාළ මිතුරා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් කටඋත්තර ලබා දුන්න ද ඔහුට අයත් දුරකතනයේ සඳහන් වූ තොරතුරු සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණ නොකළේ ය. ගෝඨාභය පවසන අවසාන පරීක්ෂණය එය යි. එහෙත් අපි මේ මොහොතේ අභියෝග කර සිටින්නේ එකී මිතුරාගේ දුරකතනයට ඇමතුම් ලබාදුන්නේ කවුද? එසේ ඇමතුම් ලබා දුන් දුරකතනයේ හිමිකරුවා කවුද? යන්න සොයා බැලීම සඳහා නැවත පරීක්ෂණ අරඹන්නේ නම් ගෝඨාභය පැවසූ අවසන් කළ පරීක්ෂණ ඉදිරියට රැගෙන යා හැකි බව ය. දැන් ගෝඨාභයට එය නොහැකි වුව ද වත්මන් යහපාලන ආණ්ඩුවේ බලධාරින්ට මෙය කළ හැකි යැයි අපි විශ්වාස කරන්නෙමු. එමෙන් ම එය ඔවුන්ගේ වගකීමක් බව ද අවධාරණය කරන්නෙමු.

ජයසිරි අලවත්ත This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

සැබැඳි ලිපිය: කලකදි වස කලකදි රස - දැන් ගෝඨා ෂෝක්

Last modified on Friday, 17 April 2015 08:12

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us