ජාතිවාදය නැති උනොත් චම්පික පඹයෙක් වෙනවා - සන්නස්ගල(audio) Featured

Published in පුවත්
Thursday, 09 April 2015 12:03

පරාජය කර ගෙදර යැවූ මිත්‍යාදෘෂ්ටික පාලකයෙකුට මේ තරම් ජනමාධ්‍ය ප‍්‍රචාරණයක ලබා දුන් රටක් හෝ කාලයක් ඉතිහාසය තුළ හමුනොවන බව උපුල් ශාන්ත සන්නස්ගල මහතා පැවසුවේය. ඔහු මේ අදහස් දැක්වූයේ පුරවැසි බලය සංවිධානය මගින් ඊයේ (08) පැවැත්වූ සම්මන්ත්‍රණයකට එක් වෙමිනි.

මෙම අනවශ්‍ය ආකාරයේ ප‍්‍රචාරණයන් නිසා ලංකාවේ මිනිසුන් සිතා සිටින්නේ තවමත් ආණ්ඩු කරන්නේ නිමල් සිරිපාල සහ මහින්ද රාජපක්ෂ කියා බවත් ඔවුන්ගේ මිත්‍යාවට විද්‍යුත් මාධ්‍ය සහ මුද‍්‍රිත මාධ්‍ය මගින් ලබා දෙන ප‍්‍රචාරණය විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම යන කාරණයට ලබා නොදීම කණගාටුදායක බව ඔහු පැවසුවේය.

චම්පික සහ පිරිස මේ වන විට බියකින් පසු වන බවත් එයට හේතු වන කාරණා වන්නේ මෙරට පවතින ජාතිවාදය නැතිවේ යැයි යන බිය සහ තමන් පඹයෙක් වේ යැයි යන බිය බව පැවසුවේය. මන්ද මෙරට ජාතිවාදය නැති වුවහොත් ඔවුන්ට තම රැගුම් පෑමට ඇති අවස්ථා අහිමිවීම බවද ඔහු පැවසුවේය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු සදහන් කරනු ලැබුවේ චම්පිකට වඩා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හොද බවත් ඔහු පිළිබදව ඉතිහාසය අධ්‍යයනය කර බලන්නෙකුට ඔහු තරම් පැසිස්ට්වාදී මත දරන්නෙක් හමු නොවන බවත් ඔහු ඉතා ම්ලේඡ්ච ආකාරයේ මූලධර්ම පිළිබද කතාකළ අයෙක් බවත් පැවසුවේය.

නිමල් සිරිපාලද සිල්වා,සන්ධානයේ ලේකම්, විමල් වීරවංශ සහ හිටපු ජනපති වැන්නන් කියන කතා මෝඩ ග්‍රෝත්‍රවාදී කතා බවත් ඒවා අසන්නෙකුට එහි නිවැරදි බවක් ඇති බව හැගී යන පරිද්දෙන් කීවද ඒවා පිළිගන්නෙකුට යළි ගොඩ නොඑන අගාධයකට වැටීමක් සිදුවන බවත් කීවේය.

මෛත‍්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා ලෙස තෝරා පත් කර ගෙන කටයුතු කළ යුගය තුළ එම මහා වේදිකාවේ කථිකයාවූයේ චම්පික රණවක බවත් එදා ඔහු විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන අරගලයේ සිටින බව පැවසු බවත් සිහි කරමින් උපුල් ශාන්ත සන්නස්ගල මහතා මාධ්‍යයෙන් ඉල්ලා සිටියේ එම රැස්වීම්වල හඩ පට යළි විකාශනය කරන ලෙසයි.

චම්පික දේශපාලන සිතියම අඳින ආකාරය ඔහු දේශපාලනය සලකුණු කරන ආකාරය පිළිබදව නොදැන සිටියහොත් අනාගතයේ මහින්ද රාජපක්ෂටත් වඩා අන්ත නායකයෙක් මෙරට ඇති විය හැකි බවද පැවසුවේය.

2022 සහ ඉන් එහාට මහින්ද රාජපක්ෂ නම් ඒකාධිපතියා පාලකයාව සිටියානම් අද මේ වේදිකාවේ සිටින කිසිවෙක් ජීවතව නොසිටිනු ඇති බවත් ඒ නිසා අරගලයක් මගින් තමන් මරා දැමීමට නියමිතවූ අනාගතයක් ජනවාරි 8 දා වැළැක්වීම ගැන ජනතාවද සතුටුවිය යුතු බව පැවසුවේය.

එදින ප‍්‍රදාන සටන් පාඨය වූයේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම බවත් එය දින 100 තුළ සදහන් වන්නේ අත්තනෝමතික විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනු ලැබේ යනුවෙන් බවත් පැවසුවේය. නමුත් අද වන විට මෙය පද පෙරළියකට හසුව විධායක ජනාධිපති ක‍්‍රමයේ ඇති අත්තනෝමති ලක්ෂණ ඉවත් කරන්න එකගයි යනුවෙන් වෙනස් කර ඇති බවත් මෙය මරු දේශපාලනයක් බවත් පැවසුවේය.

මෛති‍්‍රපාල ජනාධිපතිවරයා මට අවු 6ක් එපා 5ක් ඇති කියද්දී අනිත් අයට මේ පිළිබදව ඇති උවමනාව කුමක්ද යනුවෙන් විමසුවේය.
ඔයා පඹයෙක් වෙන්න එපා එතකොට මට මොකද වෙන්නේ යනුවෙන් දැන් චම්පික විමසන බවත් සජිත් පේ‍්‍රමදාස පවසන්නේ මොකද හදිස්සි පොඩ්ඩක් ඉන්න යනුවෙන් බවත් මෙම ඒකාධිපති රෝගීන්ට ඉඩ නොදිය යුතු බවත් පැවසුවේය.

ඡන්දයට කලින් ආසනය පවා පැරදුනු නිමල් සිරිපාල පැරදුන නඩයට අයිති පුද්ගලයෙක් බවත් ඔහු ආණ්ඩුවට උපදේශන ලබාදෙන්නට පටන්ගෙන තිබීම පිළිබද ඔහු ලැජ්ජාවිය යුතු බවත් පැවසුවේය.
මේ වන විට පවතින ප‍්‍රධාන ව්‍යවසනය වන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම බවත්,ඉන් පසු පොළිස් කොමිසම ඇතුළු කොමිෂන් සභා අනුමත් කර ගැනීම බවත් ,නමුත් මෙම කළ යුතුම වැදගත් වෙනස්කම් සදහා අත ඉස්සීමට ඇමතිකම් නැමති අල්ලස් ඉල්ලන පැරදුණ නඩය සිදු කරන්නේ ජනතා ඔ්නෑ එපාකම් නොතකා හැරීමක් බවත් මෙවැනි ලැජ්ජා නැති මිනිසුන්ව වෙනත් රටකදී නම් ගුටි බැටදී පන්නා දමන බවත් ඔහු කීවේය.
ජාතික ආණ්ඩුවක කාර්යභාරය පවා ඔවුන් පැහැරහැරි බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

එළඹෙන මැතිවරණයෙන් පසු අගමැති වන්නේ කවුරුද යන්න වැදගත් නැති බවත් අපට අවශ්‍ය වන්නේ රටට අවශ්‍ය වන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය අහොසි කිරීම බවත් ඒ සදහා කකුල් මාට්ටු දැමීමට කටයුතු නොකරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.

මේ රටේ මිනිසුන් ජනවාරි 8 දා ඡන්දය ලබා දුන්නේ තව අවරුදු 20 කින් එක එකාට ජනාධිපතිවීමේ සිහිනය හදන්නට පාර කපන්නට නොවන බවත් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතුය යන අරගලය දිගින් දිගටම ගෙන යා යුතු බවත් ඔහු පැවසුවේය.

{soundcloud}https://soundcloud.com/lankadaily/sannasgala-purawasi-balaya{/soundcloud}

funt

DNP purawasibalaya 3

ඡායාරූප-නිශාන්ත ප්‍රියදර්ශන

Last modified on Thursday, 09 April 2015 12:22

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us