තලේබාන් නායකයාගේ චරිතාපදානයක් එළි දකියි

Published in විදෙස්
Monday, 06 April 2015 11:10

තලේබාන් සංවිධානයේ උත්තරීතර නායකයා ලෙස සැලකෙන මුල්ලා මොහොමඩ් ඕමාර් එම නායකත්වයේ වසර 19ක කාලයක් රැඳී සිටීම සමරමින් ඔහුගේ චරිතාපදානයක් තලේබාන් සංවිධානය විසින් ප්‍රකාශයට පත්කර ඇත.

විශ්මය දනවන ආකාරයෙන් ප්‍රකාශයට පත්කර ඇති වචන 5,000ක පමණ මෙම චරිතාපදානය ඔවුන්ගේ ප්‍රධාන වෙබ් අඩවිය එකතු කර තිබේ.

එහි ඔහු කැමතිම ගිනි අවිය ලෙස ආර්.පී.ජී. 7 අවිය දක්වා අති අතර, සරල ජීවිතයක් ගෙවන ඔහු කවටකමටද දක්ෂයෙකු බව පවසා ඇත.

ඔහු මේ වනවිට සිටින තැනක් හෝ ඔහු ආගිය තැනක් පිළිබඳ එහි සඳහන් නොවුණත්, ඇෆ්ගනිස්ථානයේ හා ලෝකයේ එදිනෙදා සිදුවන සිදුවීම් පිළිබඳ ඔහු අවදියෙන් සිටින බව එහි දක්වා ඇත.

මුල්ලා ඕමාර් පිළිබඳ ඔත්තුවක් සපයන්නෙකුට ඇ.ඩො.මිලියන 10ක ත්‍යාගයක්ද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර ඇති අතර, 2001 වසරේදී ඇමෙරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා ඇෆ්නිස්ථානය වෙත පැමිණීමෙන් පසු ඔහු කිසිදු අවස්ථාවක ප්‍රසිද්ධියේ පෙනී නොසිටියේය.

කෙසේ වෙතත් මේ ආකාරයෙන් ඔහුගේ උත්තරීතර නායකත්වයේ වසර 19ක් සැමරීම පිළිබඳ විශේෂ සඳහනක් නොමැති වුවත්, විශ්ලේෂකයන් පවසන්නේ ඇෆ්ගනිස්ථානය වෙත ඉස්ලාම් රාජ්‍යයෙන් ඇතිවන බලපෑමේ වර්ධනයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඔහුව හුවාදක්වා ඇති බවයි.

(ada)

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us