subash

subash

මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ මූලික විමර්ශන කටයුතු පසුගිය සිකුරාදා අවසන් කෙරුණු බව මහ බැංකු ආරංචි මාර්ග අනාවරණය කරයි.

විසි එක්වන සියවසේ කෙටිම පුර්ණ චන්ද්‍රග‍්‍රහනය අද (04) දිස්වේ. අග්නිදිග ආසියාවට පුර්ණ චන්ද්‍රග‍්‍රහනයක්සේ දිස්වන මෙම ග‍්‍රහනයේ අවසන් කොටස ශ‍්‍රී ලංකාවට දිස්වන බව බි‍්‍රතාන්‍ය තාරකා විද්‍යාඥ සංගමයේ, තාරකා විද්‍යාඥ අනුර සී පෙරේරා මහතා සඳහන් කළේය.

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් රාජ්‍ය සේවකයන්ට උත්සව අත්තිකාරම් වශයෙන් මෙතෙක්‌ ලබා දුන් රුපියල් 5000 පොලී රහිත දීමනාව 2015 වර්ෂයේදී රුපියල් 10,000 දක්‌වා වැඩි කරන බව නව රජයේ රාජ්‍ය පරිපාලන අමාත්‍ය කරු ජයසූරිය මහතා සඳහන් කළ ද, තමන්ගේ මාර්තු මස වැටුපට රුපියල් 5000 ක මුදල පමණක්‌ අඩංගු කර තිබූ බව රාජ්‍ය සේවකයෝ පවසති.

ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර මිතුදම් ඉහළ නැංවීමේ අරමුණින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය පළමු පකිස්තානු සිවු දින නිල සංචාරය අද (4) ආරම්භ කරනු ඇත.

දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලයේ කටයුතු කඩිනමින් හා කාර්යක්ෂමව කරගෙන යාමට සහාය වීම පිණිස විශ්‍රාමලත් පොළිස් නිලධාරීන් කණ්ඩායමක් තාවකාලික පදනමින් බදවා ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

"හංසවිලක්‌" සිනමා උළෙල හෙට (04) සහ අනිද්දා (05) යන දිනවල ජාතික චිත්‍රපට සංස්‌ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වේ.

ආගමික හා වාර්ගික එදිරිවාදිකම්වලට අනුබල දෙන ආකාරයේ අදහස් දැක්වීම් තහනම් කිරීමටත් එසේ සිදු කරන්නන්ට දඩුවම් පැමිණවීමටත් අවශ්‍ය ප්‍රතිපාදන දණ්ඩ නීති සංග්‍රහයට ඇතුළත් කොට නීති කෙටුම්පත් සම්පාදක මණ්ඩලයක් විසින් සම්පාදනය කරනු ලැබූ සංශෝධිත පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමට සහ අනුමැතිය සදහා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම යන යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

පසුගිය රාජපක්ෂ පාලන සමය තුළ දී ටෙන්ඩර් කැදවීමකට ප්‍රතිචාර වශයෙන් නොව ව්‍යාපෘති යෝජකයා විසින් සිය කැමැත්තෙන් ඉදිරිපත් කළ ව්‍යාපෘති යෝජනා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සදහා ඉදිරිපත් කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබුණ බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍යය ඇමති රාජිත සේනාරත්න අද (03) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

අමුතු පාරවල්

Published in අනං මනං
Friday, 03 April 2015 14:55

අමුතු පාරවල් ලෝකේ ගොඩක් තියෙනවා. සමහර පාරවල් අමුතුවෙන්නෙ දුෂ්කරත්වය නිසා. සමහර පාරවල් ලස්සන නිසා. කොහොම උනත් මෙතන තියෙන්නෙ අමුතුම අමුතු පාරවල් ටිකක්.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ පෙළපාලියට පොලීසිය එල්ල කළ ප්‍රහාරය හේතුවෙන්, වත්මන් පාලනයත් මහින්ද රාජපක්ෂගේ පාලනයත් එක හා සමාන බව කියවෙයි. සමහර තැනක කියැවෙන්නේ මේ ආණ්ඩුව වඩා නරක බවය.

Connet With Us