21 වන සියවසේ කෙටිම පුර්ණ චන්ද්‍රග‍්‍රහනය අද

Published in පුවත්
Saturday, 04 April 2015 09:18

විසි එක්වන සියවසේ කෙටිම පුර්ණ චන්ද්‍රග‍්‍රහනය අද (04) දිස්වේ. අග්නිදිග ආසියාවට පුර්ණ චන්ද්‍රග‍්‍රහනයක්සේ දිස්වන මෙම ග‍්‍රහනයේ අවසන් කොටස ශ‍්‍රී ලංකාවට දිස්වන බව බි‍්‍රතාන්‍ය තාරකා විද්‍යාඥ සංගමයේ, තාරකා විද්‍යාඥ අනුර සී පෙරේරා මහතා සඳහන් කළේය.

ඒ අනුව නැගෙනහිර ක්ෂිතිජයෙන් චන්ද්‍රයා උදාවන අවස්ථාවේ සිට පස්වරු හතයි පහළොව වන තෙක් අර්ධ චන්ද්‍රග‍්‍රහනයක්සේ මෙය දිස්වනු ඇත. මෙම වසරේ ඇති වීමට නියමිත චන්ද්‍රග‍්‍රහන දෙක අතුරින් පලමුවැන්නද මෙයය.

ග්‍රහලෝකාගාරයේ අධ්‍යක්ෂිකා ප්‍රියංකා කෝරළගම සඳහන් කළේ මෙය පියවි ඇසින් නැරඹිය හැකි බවයි.

මෙම චන්ද්‍රග‍්‍රහනයේ ආරම්භය ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු දෙකයි තිස් එකට සිදුවීමට නියමිතය. පස්වරු හයයි විසි අටේ සිට හතයි පහළොව පමණ කාලය තුළදී පෘථිවියේ වඩා අඳුරු වූ පුර්ණ ඡායාවෙන් චන්ද්‍රයා වැසී එහි එක් කොටසක් පමණක් පෙනෙන්නට පවති.

පෘථිවියේ අඩ අඳුරු වූ ඡායාව තුළින් චන්ද්‍රයා පස්වරු හතයි පහලොවේ සිට ගමන් කරන කාලය තුළදී ග‍්‍රහනය නොපෙනෙන අතර චන්ද්‍රයාගේ දීප්තියේ සුළු අඩුවක් පමණක් දිස්විය හැකිය. උප ඡායාව තුළින් චන්ද්‍රයා ඉවත්වීමත් සමග ග‍්‍රහන අවසානය රාත‍්‍රී අටයි විසි නවයට සිදුවීමට නියමිත බව අනුර සී පෙරේරා මහතා සඳහන් කළේය. උතුරු අමෙරිකාව, අග්නිදිග ආසියාව, නවසීලන්තය සහ ඔස්ටේ‍්‍රලියාව ආදී රට වලට මෙම චන්ද්‍රග‍්‍රහනය මැනවින් දිස්වේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us