කරුගේ අත්තිකාරම් පොරොන්දුව පඩිපතේ නෑ ලු

Published in පුවත්
Saturday, 04 April 2015 08:04

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් රාජ්‍ය සේවකයන්ට උත්සව අත්තිකාරම් වශයෙන් මෙතෙක්‌ ලබා දුන් රුපියල් 5000 පොලී රහිත දීමනාව 2015 වර්ෂයේදී රුපියල් 10,000 දක්‌වා වැඩි කරන බව නව රජයේ රාජ්‍ය පරිපාලන අමාත්‍ය කරු ජයසූරිය මහතා සඳහන් කළ ද, තමන්ගේ මාර්තු මස වැටුපට රුපියල් 5000 ක මුදල පමණක්‌ අඩංගු කර තිබූ බව රාජ්‍ය සේවකයෝ පවසති.

රුපියල් 10,000 මුදල බලාපොරොත්තුවෙන් සමහරු විශේෂ දීමනාවක්‌ වශයෙන් ගෙවනු ලබන පොලී සහිත රුපියල් 2000 ණය මුදල පවා ලබා නොගත් අතර එම මුදල මෙම වසරේ රුපියල් 4000 කින් වැඩි කිරීම නිසා, එය ලබාගැනීමට ඉල්ලුම් නොකළ තමන්ට එම ණය මුදල පවා ලබාගැනීම ඇහිරී තිබෙන බවද ඇතැම් අය පවසති.

මේ සම්බන්ධව රාජ්‍ය පරිපාලන ඇමැති කරු ජයසූරිය මහතාගෙන් විමසූ විට ඇමැතිවරයා සඳහන් කළේ පොරොන්දු වූ පරිදි රුපියල් 10,000 මුදල රාජ්‍ය සේවකයන්ට ගෙවීම සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාකරන බවයි.

 

divaina

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us