මේ ප්‍රජාතන්ත්‍රවාදයේ යුගයයි. එය කුරුට්ටන්ට විනාශ කරන්න ඉඩ නොදෙමු.

Friday, 03 April 2015 14:19

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ පෙළපාලියට පොලීසිය එල්ල කළ ප්‍රහාරය හේතුවෙන්, වත්මන් පාලනයත් මහින්ද රාජපක්ෂගේ පාලනයත් එක හා සමාන බව කියවෙයි. සමහර තැනක කියැවෙන්නේ මේ ආණ්ඩුව වඩා නරක බවය.

මේ අවිශබම කැඳවුම්කරු නජිත් ඉන්දික: "පහුගිය මාස දෙකහමාර තිස්සෙම මේ ප්‍රශ්නවලට අපි අපේ විරෝධතාවය ප්‍රකාශ කරල බැරිම තැනයි පාරට බැස්සේ.මේ ආණ්ඩුවත් රාජපක්ෂ උන්නැහේ නවත්තපු තැනින්ම පටන් ගත්තා. මේ කරන්නේ කලින් වැඩේමයි. වෙනසකට තියෙන්නේ ඒක කලින්ට වඩා වේගෙන් වෙනවා. රාජපක්ෂ ශිෂ්‍යයින්ට ගහන්න කාලයක් ගත්තා. සිරිසේනලා වික්‍රමසිංහලා පළවෙනි පාගමනටම ගැහුවා."

මීට පෙර ලිපියකින්ද අප කීවේ මේ පා ගමනට පහර දීම වැරදි බවය. නමුත් පසුව අගමැති කාර්යාලයෙන් නිකුත් වූ නිවේදනය අනුව ඇත්ත හෙළි විය.

අප ඉදිරිපත් කළ ලිපියෙ යම් තැනක ශිෂ්‍යන් ඉල්ලන් කෑමට රුසියන් බව සඳහන් කෙරුණේ මේ සටන් වල ඇත්ත ඇති සැටියෙන් දැක තිබෙන බැවිනි. මෙහිදී සිදුව තිබුනේද එයමය.
අගමැති කාර්යාලයේ හේතු දැක්වීම තවම ශිෂ්‍යයෝ හෝ එම ශිෂ්‍යන් මෙහෙයවන පෙර‍ටුගාමී සමාජවාදී පක්ෂය හෝ ප්‍රතික්ෂේප කරද නැත.

ශිෂ්‍යන් ( පෙර‍ටුගාමීන්) මේ පෙළපාලිය ආවේ ගුටියක් කන්න බලාගෙනමය. තමන්ගේ බංකොළොත් දේශපානය සමාජයෙන් ප්‍රතික්ෂේප වී යාම වලක්වා ගැනීමේ උත්සාහයක් මිස මෙහි වෙන යමක් මෙහි නොවේ. මේ ප්‍රශ්න මිට වඩා පහසු ක්‍රමවලින් විසඳා ගැනීමේ හැකියාව නැත්තටම නැතිව තිබුණේ නම් මේ විරෝධතා සටන් පිළිගත හැකිව තිබිණි.

මෛත්‍රීපාලනය යනු මේ රටේ වාමාංශිකයන්ගේ භූමිදානය බව අප කීවේ ජනාධිපති මැතිවරණයටත් පෙරය. ජනාධිපතිවරණයේදී මේ පෙර‍ටුගාමීන්ට වෙන්න තිබෙන හරිය වඩාත් පැහැදිලිව සටහන් වුණි.

රාජපක්ෂවරුන්ගේ අනුග්‍රහයෙන් මෙරට ගෙන්වා ගත් ප්‍රේමකුමාර් ගුණරත්නම් මහතා විසින් ජනාධිපතිවරණයේදී ඉතා පැහැදිලිව තම පෙර‍ටුගාමී පක්ෂය මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙළ ගැස්සුවේය යන කරුණ යළිත් සපත වීමක් ලෙසද මෙම විරෝධතාවය හා ඉන් පසුව සිදුවෙමින් පවතින දෑ අනුව පැහැදිලිය.

මේ මොහොතේ පෙර‍ටුගාමීන් පෙනි සිටින්නේ මේ පාලනයට වඩා මහින්ද හොඳයැයි කියන්නටය. තමන්ට බඩගෝස්තරය හොයා ගන්නට තරම් සටන් පාඨ නැති නිසා එසේ සිතීම සාධාරණ නමුත් මේ රටේ ජනතාවට වඩා හොඳ සමාජයයක් උදාකර දෙනවාය කියමින් ඒ වෙනුවෙන් පෙනී සිටිමින් කරන කියන දෑ සමඟ ඒ පෑහෙන්නේ නැත.

රාජපක්ෂ යුගයේදී ගුණරත්නම්ගේ දේශපාලන අයිතිය වෙනුවෙන් මීක් කියා ගන්න බැරුව සිටි පෙර‍ටුගාමීන්ට අද ඒ වෙනුවෙන් ඕන විඩගමක් නටන්නට ඉඩ හසර ලැබී තිබේ. නීති විරෝධිව මෙරට ‍රැඳී සිටින පුද්ගලයකු හා ආණ්ඩුවේ සතුරකු වන ගුණරත්නම්ට සම්මුඛ සාකච්ඡා සඳහා ආරාධනා ලැබෙන්නේ රාජ්‍ය මාධ්‍යයක් වන ස්වාධීන රූපවාහිනියෙන්ය.( පසුව ඇතුවූ නීතිමය ගැටළුවක් හේතුවෙන් එම පටිගත කරන ලද සාකච්ඡාව විකාශය කිරීමට එම ආයතනයට නොහැකි වීම වෙනම කතාවකි)

ගුණරත්නම්ට මෙරටට පැමිණීම වෙනුවෙන් පහසුකම් සැලසූ නමුදු,ඒ මිනිමරු ඒකාධිපති පාලන යුගයක් පෙරලා දමා යම් ප්‍රජතන්ත්‍රවාදී යුගයක් කරා සමාජය තල්ලු කළ හැකි වටපිටාවක් උදා කර ගැනීමට මේරටේ බහුතර ජනතාවක් තින්දු කර ජයග්‍රහණයක් අත්පත් කරගෙන තිබෙන මොහොතක පෙර‍ටුගාමීන්ගේ මේ කාලකණ්නි සහගත මජර දේශපාලන ක්‍රියාවලිය කිසි ලෙසකින්වත් අනුමත කළ නොහැක.පෙර‍ටුගාමින් සටන් කළ යුත්තේ මේ ලබා ගත් ජයග්‍රහණ තවත් ශක්තිමත් කිරීමට ගා ඉදිරියට ගෙනයාමය.

මේ නිසා , මීට වඩා මහින්ද හොඳයි කියන ඊනියා වාමාංශික පෙර‍ටුගාමීන්ව කිසිදු දෙගිඩියාවකින්න් තොරව පරාජය කළ යුතුය.

- ජනතා පාක්ෂිකයා


සැබැඳි ලිපි :

අන්තරේ ගුටි කෑම හා බයියන් චූන් වීම

 

 

 

Leave a comment

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us