මාර්ග සංවර්ධන අධිකාරියේ වෘත්තීය සමිති එකොළහක ඒකමතික තීරණයකට අනුව මෙම අද දින මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කළේය.
ඒ අනුව අද දහවල් 12.00 සිට 1.00 දක්වා පැවති මෙම සංකේත වැඩවර්ජනයට මාර්ග සංවර්ධන අධිකාරියේ දීපව්‍යාප්ත කාර්යාල සහ සියලුම අධිවේගී මාර්ගවල සේවකයෝ සහභාගී වූහ.යහපාලන ආදර්ශය යථාර්තයක් කර සේවකයන්ට සාධාරණය ඉටුකරන ලෙස ඔවුන් ඉල්ලා සිටියහ.මෙම විරෝධතාවක් හේතුවෙන් මාර්ගයේ රථවාහන තදබදයක් නිර්මාණය වී තිබුණි.
තම ඉල්ලීම් වලට ප්‍රතිචාර නොලැබෙන්නේ නම් මෙම විරෝධතාව අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවත් ඒ අනුව ඉදිරියේදී පළාත් සහ ජාතික මට්ටමින් මේ සදහා විරෝධය පළ කරීමට සියලුම වෘත්තීය සමිති එකගතාව පළ කර ඇති බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.
ඡායාරූප-නිශාන්ත ප්‍රියදර්ශන