ඒ අතර ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට අපනයනය කරන සුද්ධකරන ලද පුවක් කන්ටේනරයකින් අමරිකානු ඩොලර්15,000ක් ක කොමිස් මුදලක් මෙම ඇමතිවරයා ලබා ගනී. සාමාන්‍යන් මෙම කන්ටේනරයක ඩොලර් 75,000ක් පමණ වටිනා පුවක් ප්‍රමාණයක් (කිලෝ 86,000ක් පමණ) අඩංගු වන බව එම ව්‍යාපාරික ක්ෂෙත්‍රයේ පුද්ගලයන් පවසති. කෙසේ නමුත් මෙම ව්‍යාපාරය මීට පෙර සිදු කරනු ලැබුවේ ඉන්දුනීසියානු ව්‍යාපාරිකයන් හා සම්බන්ධ වූ මෙරට ව්‍යාපාරිකයන් විසිනි. ඉන්දුනීසියාවෙන් කෙළින්ම ඉන්දියාවට පුවක් අපනයනය කිරීමේදී වැඩි බදු ප්‍රමාණයක් ගෙවීමට සිදු වීම නිසා එම ව්‍යාපාරිකයන් විසින් ඒවා ශ්‍රි ලංකාවට ගෙන්වා පසුව ඒවා ලංකාවේ නිශ්පාදන බවට ව්‍යාජ ලිපි ලේඛන සකසා ඉන්දියාවට අපනයනය කළේය. ඊට හේතුව වූයේ මෙරට හා ඉන්දියාව අතර වන නිදහස් වෙළඳ ගිවිසුම යටතේ පුවක් සඳහා වන බදු මුදල් ඉතා අඩු අගයක් ගැනීමය.
කාලාන්තරයක් පුරා සිදු වූ මේ ජාවරම්කාර කටයුත්ත වත්මන් රජයේ ඉහත කී ඇමැතිවරයා විසින් වලක්වා ඔහුගේ හිතවත් ව්‍යාපාරිකයන් 6 දෙනෙකුට ලබා දෙන ලද්දේ යහපාලනය යටතේ දේශීය ව්‍යාපාරිකයන්ට මෙරට පුවක් අපනයනයට පහසුකම් සලසා අත හිත දියයුතු බව කියමිනි. එහෙත් ඒ එක පුවක් කන්ටේනරයකින් ඩොලර් 15,000ක් ඔහුගේ ගිණුමට බැර වියයුතු වීමේ කොන්දෙසිය යටතේය. සාමාන්‍යයෙන් පුවක් කන්ටේනර 4 ක් හෝ 5ක් එක වරකට ප්‍රවාහනය කෙරේ.
ඉන්දුනිසියාවෙන් ගෙන්වා ප්‍රතිඅපනයන කිරීමේ පුවක් ජාවාරම නිසා ඉන්දියාවට දෙවන විශාලම පුවක් සපයන්නා ශ්‍රී ලංකාව ලෙස හැඳින්වූවත් මෙම ව්‍යාපාරයෙන් මෙරට ජනතාවට විශාල ආදායමක් අත්පත් කර ගත හැකිව තිබුණද පුවක් වගාව මෙරට ප්‍රචලිත වගාවක් නොවේ. (ඉන්දියාවේ වාර්ෂික පුවක් අවශ්‍යතාවය ටොන් දසදහසකට ආසන්නය.) ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු පමණක් වගාවක් ලෙස අක්කර සියගනින්වන ඉඩම් කිහිපයක මේ වානිජ වගාවක් ලෙස පවත්වාගෙන යයි.
ඒ කෙසේ නමුත් වත්මන් පාලනය විසින් පසුගිය රජය මඟින් ආරම්බ කළ සංවර්ධන ව්‍යාපෘති ගනනාවක් යළි විමසීම සඳහා තාවකාලිකව අත්හිටවනු ලැබූ අතර එම පරීක්ෂණ වලින් පසුව දේශීය කොන්ත්‍රාත් කරුවන්ට ලබා දී තිබු බිලියන ගනනක වටිනා කමකින් යුතුවූ ව්‍යාපෘති ගනනාවක් යළි ආරම්භ කිරීමට අනුමැතිය දෙන ලදී. එහෙත් ඉහත කී ඇමැතිවරයා විසින් එම ව්‍යාපෘති යළි ලබා දීමට නම් තමන්ගේ අමරිකාවේ පිහිටි බැංකු ගිණුමකට රුපියල් බිලියනයක් බැඟින් බැර වියයුතු බවට කොන්දෙසියක් දමා තිබෙන බවත් දැන ගැනීමට තිබේ.
එමෙන්ම තෙල් අපනය කරන ව්‍යාපාරික ආයතනයකින්ද තෙල් මෙට්‍රික් ටොන් එකකකින් ඩොලර් 25ක් ඔහු කොමිස් මුදලක් ලෙස ඉල්ලා ඇති බවටත් කසු කුසුවක් තිබේ.
පසුගිය රාජපක්ෂ පාලන සමයේදීද මෙලෙසම දැවැන්ත පරිමාණයෙන් කොමිස් ජාවාරම් සිදු වූ අතර ව්‍යාපාරිකයන් විසින් ඒ ඉවසාගෙන තම කටයුතු හැකි ආකාරයකින් පවත්වාගෙන ගියහ. වත්මන් පාලන සමයේදීද ව්‍යාපාරිකයන්ට සුපුරුදු ලෙස දේශපාලන අධිකාරියේ ප්‍රබලයන් සතුටු කරන්නට සිදුව තිබෙන බව ඔවුන් පවසති.