එක්සත් සේනාරත්න පැහැරගත්තා කියූ දැරිය මව්පියන් ළඟට යන්න බෑ කියයි!

Published in පුවත්
Thursday, 02 April 2015 12:36

අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පුතු වන එක්සත් සේනාරත්න විසින් රඳවාගෙන ඇතැයි කියන බාලවයස්කාර දැරිය සම්බන්ධයෙන් වන පැමිණිල්ල විභාග කිරීමට මහාධිකරණය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට යොමුකර තිබේ.

පැහැරගනු ලැබීයයි කියනු ලබන දැරියගේ පියා වන ගාමිණී රණසිංහ යන අය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

කෙසේ වෙතත් අද දිනයේ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ගෙන් විමසා සිටියේ 2014 වසරේ සිදුවූ මෙම පැහැරගැනීම සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට මෙතරම් ප්‍රමාද වූයේ මන්ද යන්නයි.

ඊට ප්‍රතිචාර දක්වමින් පැමිණිල්ලේ නීතිඥයින් සඳහන් කර ඇත්තේ පසුගිය කාලයේ ජනාධිපතිවරණයක් පැවති නිසා පැමිණිලි ඉදිරිපත් කිරීමට ප්‍රමාද වූ බවයි.

එහෙත් දරුවෙකු පැහැරගෙන ගිය අවස්ථාවක කඩිනමින් පැමිණිලි කිරීම සාමාන්‍ය ක්‍රියාදාමය බැව් වග උත්තරකාර පාර්ශවයෙන් නීතිඥයින් මෙහිදී පෙන්වාදී තිබේ.

එසේ හෙයින් මෙතරම් ප්‍රමාදවී පැමිණිලි ඉදිරිපත් කිරීම පිටුපස සද්භාවය පිළිබඳ ගැටළුවක් ඇතැයි වගඋත්තරකාර පාර්ශවයේ නීතිඥවරුන් විසින් අධිකරණය හමුවේ කරුණු දක්වා ඇත.

මෙම අවස්ථාවේදී පැහැරගිය බව කියන දැරිය වෙනුවෙන් පෙනීසිටි නීතිඥයින් අධිකරණයට‍ දන්වා සිටියේ තම සේවාදායකයා දෙමව්පියන් වෙත යාමට කැමැත්තක් නොදක්වන බවයි.

එසේම ඇයට ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු ප්‍රශ්නයක් නැතැයි පොලීසිය හමුවේ ප්‍රකාශ කර ඇති බව ද ඇයගේ නීතිඥවරයා විසින් පෙන්වාදෙන ලදී.


කෙසේවෙතත් මහාධිකරණ විනිසුරුවරයා මෙහිදී නියෝග කර සිටියේ මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට යොමුකිරීම සුදුසු බවයි.

ඒ අනුව අදාළ පැමිණිල්ල වැඩිදුර විභාග කිරීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා මේ පිළිබඳ වාර්තාවක් ජූනි මස 03 වන දින අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවද දන්වා සිටියේය.

අද දෙරණ


රාජිතගේ පවුලටම නොතීසි.

පුතාගේ පෙම් පළහිලව්ව රාජිත හෙළි කරයි (AUDIO)

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us