subash
නළුවන් නිළියන් තම රංගන ජිවිතයේ දී රඟ දක්වන ඇතැම් ජවනිකා කෙදිනක හෝ සිය ජීවිතයේ දී සැබැවින් ම අත්දකින්නට ලැබූ අවස්ථා දක්නට ඇත. ඒ අතුරින් මා මතකයේ රැඳී ඇති එක් දෙබස් ඛණ්ඩයක් ඇතුළත් වූයේ විජයකුමාරතුංග රඟපැ ‘‘මමයි රජා’’ සිනමා නිර්මාණයේ ය. මගේ මතකයට අනුව එහි එක් අවස්ථාවක විජය මෙබඳු දෙබසක් පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් නිළ මඩුල්ල විසුරුවයි - අතුරු කමිටු සභාපති සිදත්
ශ්‍රී ලංකා ක්‍රිකට් නිල මඩුල්ල විසුරුවා අතුරු කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා හා සංචාරක ඇමැති නවීන් දිසානායක මහතා පියවර ගෙන ඇත.එම ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති ලෙස හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සිදත් වෙත්තමුණි මහතා පත් කොට ඇති අතර කමිටුව සාමාජිකයින් 9කින් සමන්විත වේ.හිටපු ක්‍රිකට් පරිපාලකයින් කිහිපදෙනෙකු හා හිටපු ක්‍රීඩකයින් කිහිප දෙනෙකු මෙම අතුරු කමිටුවට ඇතුලත් බව වාර්තා වේ.
කේවල හා සමානුපාතික ක්‍රම දෙක මිශ්‍ර කර ගත් නව මැතිවරණ ක්‍රමයක් ගැන වූ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ යෝජනාව ඔහු විසින් අද (30 දා) දේශපාලන පක්‍ෂ නායකයන් වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
රජයේ දින 100 වැඩපිළිවෙළ යථාර්ථයක් කරමින් නොමිලේ වයිෆයි කලාප 26ක් පිහිටුවීමේ සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30දා) පෙරවරු 10.00ට කොටුව දුම්රිය ස්ථානයේ දී සිදුකෙරේ.
උසස් තනතුරු පිළිබඳ පාර්ලිමේන්තු කමිටුව ඉදිරියේ පෙනී සීටීමට නියමිතව ඇති හෙයින් තායිලන්ත තනාපතිනිය වශයෙන් ක්ෂෙනුකා සෙනවිරත්න මහත්මියගේ පත්වීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.
පූර්විකාව
මිනිස් දිවිය ඇරඹි දා සිට ඕනැම තරුණයකුගේ හෝ තරුණියගේ සිතේ ජනිත වන්නා වූ විරුද්ධ ලිංගික ආදරය, ප්‍රේමය, සෙනෙහස හෝ බැඳීම උදෙසා කිසිඳු: ආගම්, ජාති, කුල-මල, උස්-පහත් බේදයක් බලනොපාන්නේ ය. එමෙන් ම හා හා පුරා කියා හදවතට ඇතුළු වන මේ කුළුඳුල් ආදර බැඳීම එකිනෙකාගේ සිතින් අකා මකා දැමීම ද පහසු කටයුත්තක් නොවේ. යම් බාහිර බලපෑමක් හේතුවෙන් මෙම බැඳීම වැළකී ගිය ද මතුයම් දිනක නොසිතූ නොපැතූ මොහොතක එකී ආදරවන්තයා සහ ආදරවන්තිය එකිනෙකා හමු වූ මොහොතක ඔවුනොවුන් ආදරයේ ආදරයේ අවසන් ඵලය වූ ලිංගික සන්තර්පනය භුක්ති විඳීමට ද පසුබට නොවන්නේ ය.
විදෙස් ආයතන පහක් මේ වන විට මත්තල ගුවන් තොටුපළ බදු පදනම යටතේ ලබා ගැනීම සඳහා ඉල්ලුම් කර ඇති බව වාර්තාවේ. ගුවන් නියමු පුහුණු, ගුවන් යානා ඉංජිනේරු පුහුණු මධ්‍යස්ථානයක් ඇතුළු ව්‍යාපාරික කටයුතු කිහිපයක් සඳහා මෙලෙස ගුවන් තොටුපළ භාවිතා කිරීමට මෙම විදේශිය ආයතන බලාපොරොත්තුවේ.
මහින්ද රාජපක්ෂ විසින් මෙහෙයවන ලද ශ්‍රී ලනීපය දෙකඩ කර මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලන වශයෙන් විනාශ කර දැමීමේ ව්‍යාපෘතිය තවදුරටත් ඒ මහතාට අභියෝගයක් නොවන බව ශ්‍රි ලනිපයේ ජේෂ්ඨයන් සඳහන් කරයි.
දින සීයේ වැඩ පිලිවෙල අවසානයේ අප්‍රේල් 23 වන දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය මැයි 5 වන දිනට කල් ගොස් ඇති බව අණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.
යුක්‍රේනයේ ත්‍රස්තවාදී සංවිධනයක සමඟ අවි ජාවාරමක නිරතව සිටිය බවට චෝදනා ලැබ සිටින රුපියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා මේ වන විට අතුරුදහන්ව ඇති බැවින් ඔහුව අත් අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසියේ සහය ලබා ගැනීමට නියමිත බව වාර්තාවේ.
