ශ්‍රී ලංකා ක්‍රිකට් නිළ මඩුල්ල විසුරුවයි - අතුරු කමිටු සභාපති සිදත්

Published in පුවත්
Monday, 30 March 2015 08:43

ශ්‍රී ලංකා ක්‍රිකට් නිල මඩුල්ල විසුරුවා අතුරු කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා හා සංචාරක ඇමැති නවීන් දිසානායක මහතා පියවර ගෙන ඇත.එම ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති ලෙස හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සිදත් වෙත්තමුණි මහතා පත් කොට ඇති අතර කමිටුව සාමාජිකයින් 9කින් සමන්විත වේ.හිටපු ක්‍රිකට් පරිපාලකයින් කිහිපදෙනෙකු හා හිටපු ක්‍රීඩකයින් කිහිප දෙනෙකු මෙම අතුරු කමිටුවට ඇතුලත් බව වාර්තා වේ.

මෙවර පත්කළ ක්‍රිකට් අතුරු කමිටුවට උප සභාපතිවරයෙකු පත්ව ඇති අතර මෙයට පෙර අතුරු කමිටු පත් කිරීමේදී එවැනි තනතුරක් නොතිබුණි.සභාපති ධූරයට පත්වූ සිදත් වෙත්තමුණි මහතා වසර 2011 පත් කළ ක්‍රිකට් අතුරු කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ අතර ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයෙකු ලෙසද කටයුතු කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අප්‍රේල් මස 30 වැනිදාට යෙදී තිබියදී මෙම අතුරු කමිටුව පත් කළද එය ඉතා කෙටි කාලයකට ක්‍රීයාත්මක බව වාර්තාවේ.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවී ඇතැයි කියන දූෂණ වංචා පිළිබඳව නිවැරදිව සොයා බැලීමේ අවශ්‍යතාව ක්‍රීඩා සමාජ කිහිපයක් හා විධායක කමිටු සාමාජිකයින් කිහිපදෙනෙකු ක්‍රීඩා ඇමැතිවරයාගෙන් කරණ ලද ඉල්ලීම් සලකා බලා මෙම තීරණය ගත් බව ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

මෙලෙස ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කිරීමේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ බාධා ඇති නොවන අයුරින් පත් කිරීම් සිදුකරන බවද එම ආරංචි මාර්ගවලින් අනාවරණය විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් යොමුව ඇති අතර ඒ පිළිබඳව සොයා බැලීමද සිදුවෙම්න් පවතී.එමෙන්ම ඉන්දීය ක්‍රිකට් පිල ශ්‍රී ලංකාවේ කළ සංචාරයේදී ක්‍රිකට් තරග පාවාදීමක් පිළිබඳ ආන්දෝලනාත්මක චෝදනාවක් ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයෙකු නගා තිබීමද කැපී පෙනේ.

ක්‍රිකට් පරිපාලනයේ අර්බුද පැන නැගී බොහෝ අවස්ථාවල හිටපු ක්‍රීඩා ඇමැතිවරුන් සියලු දෙනාම ක්‍රිකට් අතුරු කමිටු පත් කිරීමට පියවර ගත් අතර ගැටලු නිරාකරණය වූ වහාම නිලවරණ කැදවා ක්‍රීඩා සමාජවලට බලය ලබා දුන්හ.සියලුම ලියාපදිංචි ක්‍රීඩා සමාජවල නිලවරණ මැයි 31 වැනිදාට පෙර පැවැත්විය යුතු බව ක්‍රීඩා අමාත්‍යාංශයේ නව නියෝග අනුව සිදුවිය යුතුය.

dinamina

Last modified on Monday, 30 March 2015 08:53

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us