මැතිවරණ ක්‍රමය වෙනස් කරන මැකොගේ යෝජනාව අද

Published in පුවත්
Monday, 30 March 2015 08:18

 කේවල හා සමානුපාතික ක්‍රම දෙක මිශ්‍ර කර ගත් නව මැතිවරණ ක්‍රමයක් ගැන වූ මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතාගේ යෝජනාව ඔහු විසින් අද (30 දා) දේශපාලන පක්‍ෂ නායකයන් වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මැතිවරණ කොමසාරිස්‌වරයා විසින් යෝජනා කර ඇති නව ක්‍රමය යටතේ ආසන 140 ක්‌ ආසන මට්‌ටමින් ජය ගන්නා පුද්ගලයන් මන්ත්‍රීවරුන් වශයෙන් පත්කෙරෙන අතර මනාප ක්‍රමය යටතේ දිස්‌ත්‍රික්‌ක මට්‌ටමින් මන්ත්‍රීවරු 80 දෙනෙක්‌ ද, ජාතික ලයිස්‌තුවෙන් මන්ත්‍රීවරු 30 දෙනෙක්‌ද තෝරා පත් කර ගැනේ.

මෙම නව ක්‍රමයට සියලු පක්‍ෂ එකඟ වුවහොත් දැනට ඇති මැතිවරණ කොට්‌ඨාශ 160 වෙනුවට නව මැතිවරණ කොට්‌ඨාස 140 ක්‌ නම් කෙරෙනු ඇත. ඒ සඳහා සීමා නිර්ණය කිරීම මැතිවරණ කොමසාරිස්‌ දෙපාර්තමේන්තුව සහ මිනුම්පතිවරයා විසින් සිදුකිරීමට නියමිතය.

අද පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු ඒ ඒ පක්‍ෂවල මන්ත්‍රී කණ්‌ඩායම් අතර මෙම යෝජනා සාකච්ඡාවට ලක්‌වන අතර ඉන් පසු අප්‍රේල් 6 වැනිදා දේශපාලන පක්‍ෂ නායකයන් විසින් නැවත හමුවී සාකච්ඡා කර අවසන් තීරණය ගනු ඇත.

එසේ එකඟතාව ඇතිවුව හොත් 20 වන ව්‍යවස්‌ථා සංශෝධනය ලෙස මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. කෙසේ නමුත් 20 වන සංශෝධනය මැයි මාස 1 වන දිනට පෙර සම්මත කර ගෙන වෙසක් පොහොය දිනයෙන් පසුදින පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යාමට ආණ්ඩුව බලාපොරොත්තුවේ.

 

 

Last modified on Monday, 30 March 2015 08:39

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us