මහින්දගේ බල ලෝබී ව්‍යාපෘතිය කොට උඩ Featured

Published in පුවත්
Sunday, 29 March 2015 11:02

මහින්ද රාජපක්ෂ විසින් මෙහෙයවන ලද ශ්‍රී ලනීපය දෙකඩ කර මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලන වශයෙන් විනාශ කර දැමීමේ ව්‍යාපෘතිය තවදුරටත් ඒ මහතාට අභියෝගයක් නොවන බව ශ්‍රි ලනිපයේ ජේෂ්ඨයන් සඳහන් කරයි.

නුගේගොඩ නගරයට පහලොස් දහස්ක පමණ ජනතාවක් එක් ‍රැස්කර විශාල ‍රැල්ලක් මහින්ද රාජපක්ෂට ඇති බව පෙන්වීමට ගත් උත්සහය ඉන් පසුව පැවැති ‍රැළි වලදී අසාර්ථ වූ බව පොලිස් වාර්තා අනුව පැහැදිලි බව පෙනී ගොස් ඇත. මහනුවර පැවැති ‍රැලියට පන්දහසක් වත් ජනකායක් ‍රැස්වූ යේ නැති බැවින් සිය උපරීම හැකියාව යොදවා පැවැත්වූ රත්නපුර ‍රැලියට ගෙන්වා ගැනීමට හැකිව තිබුණේද 7000ක පමණ පිරිසක් බව පොලිස් වාර්තා වල සඳහන් වේ.

මෙම පිරිසද ඒකරාශී කරගෙන ඇත්තේ සංවිධානාත්මකව රට පුරා විසිර සිටින රාජපක්ෂ අනුගාමිකයන් ගෙන්වා ගැනීමෙන් බවත් දැන ගැනීමට තිබේ. නුගේගොඩත් මහනුවරත් රත්නපුරයෙන් සිටියේ එකම කණ්ඩායම් බවද පෙනි ගොස් ඇත. මේ අනුව රාජපක්ෂ ‍රැල්ල යනු ජනාධිපතිවරණ සමයේදි කටවුට් මඟින් මවා පෑ බොරු ‍රැල්ලක් බව පැහැදිලි බවත් ශ්‍රී ලනීප ජේෂ්ඨයෝ සඳහන් කරති. එමෙන්ම මහින්ද පස්සේ වැටී සිටින ශ්‍රී ලනීප මන්ත්‍රීවරු මැතිවරණයෙදී යළි ශ්‍රිලනීපය හා එකතුවීම හැර ඔවුන්ට වෙනත් විකල්ප ඉතුරු නොවන බවත් ඔවුන් පෙන්වා දෙයි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක නිමල් සිරිපාද සිල්වා මහතා හෙට එජනිස පක්ෂ නායකයන් හමුවී සාකච්ඡා කිරීමට නියමිත බවත් වාර්තාවේ. එහෙත් ඔහු පවසා සිටින්නේ මෙය ප්‍රශ්නයක් නොවන බව ප්‍රනුඛ කාර්යය වී තිබෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන දෙක සම්මත කර ගැනීම බවය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us