ක්ෂෙනුකාගේ තානපති පත්වීම අත් හි‍ටුවයි

Published in පුවත්
Monday, 30 March 2015 07:56

උසස් තනතුරු පිළිබඳ පාර්ලිමේන්තු කමිටුව ඉදිරියේ පෙනී සීටීමට නියමිතව ඇති හෙයින් තායිලන්ත තනාපතිනිය වශයෙන් ක්ෂෙනුකා සෙනවිරත්න මහත්මියගේ පත්වීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.

මේ සමබන්ධයෙන් අවසන් තීරණය උසස් තනතුරුවලට පත්කිරීමේ කමිටුවේ නිර්දේශ මත ගන්නා බව නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි. මේ පත්වීම සම්බන්ධයෙන් පසුගිය කමිටු රැස්වීමේදී සාකච්ඡාවට නොගත් බවත් මීළඟ කමිටු රැස්වීමේදී එම කරුණ සාකච්ඡාවට භාජනය කරන බවත් අජිත් පෙරේ‍රා මහතා පවසයි.

කැබිනට් මණ්ඩලය විසින් යම් තනතුරකට පත් කළ හෝ එමඟින් තීරණය කළ යම් තනතුරකට නම් කළ පුද්ගලයෙක් අදාළ තනතුරට පත් කිරීමට සුදුසුද යන්න පිරික්සුමට ලක් කර නිර්දේශ ඉදිරිපත් කරනු ලබන්නේ උසස් පත්වීම් පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවයි. මෙම කමිටුව විසින් වර්තමානයේදී වර්ග තුනකට අයත් නිලධාරීන්ගේ පත්වීම් පිළිබඳව සලකා බලනු ලැබේ.

එනම් සියලුම කැබිනට් අමාත්‍ය ලේකම් තනතුරු, ශ්‍රී ලංකා දූත පිරිස්වල ප්‍රධානීන් වශයෙන් පත් කිරීමට යෝජිත සියලුම පුද්ගලයන් සහ ව්‍යවස්ථාපිත මණ්ඩල, සංස්ථා සහ රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් ය. උසස් පත්වීම් පිළිබඳ පාර්ලිමේන්තු කමිටුව ජනතා විමුක්ති පෙරමුණ ඇතුළුව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂ නියෝජනය කරන බව විදේශ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා තිබේ. ක්ෂෙනුෂ්කා සෙනවිරත්න මහත්මිය ඇයගේ ධූර කාලය තුළදී ජිනීවාහි නිත්‍ය නියෝජිතගේ නිල නිවස ප්‍රතිසංස්කරණය කිරීමට අදාළව සිදු කෙරෙන විමර්ශන නිම වීමට පෙර ඇය තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් පත් කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ රැසක් අවධානය යොමු කර තිබිණි.

2009 දී නිත්‍ය නියෝජිත වශයෙන් පත්වීමෙන් අනතුරුව ඇයගේ නිල නිවස ප්‍රතිසංස්කරණය කිරීමේ කොන්ත්‍රාත්තුව එල්ටීටීඊ ක්‍රියාකාරින්ගේ පාලනය යටතේ පැවැති සමාගමකට දෙන ලද බවට චෝදනා රැසක් එල්ල වී තිබිණි. ඉන් අනතුරුව සෙනවිරත්න මහත්මිය එවකට පැවැති විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ධුරයට පත් කරන ලද අතර පසුගිය පාලන සමය අවසන් වන තුරුම ඇය එම ධුරයේ කටයුතු කළාය.


dinamina

Last modified on Monday, 30 March 2015 07:58

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us