විල්පත්තු වන විනාශය ගැන බොදු බලසේනාව ජනපතිට මතක් කරයි

Published in පුවත්
Tuesday, 31 March 2015 15:12

රජයේ ඇමැතිවරයකුගේ මැදිහත් වීමක් සහිතව විල්පත්තු වන රක්ෂිතයේ සිදුවෙමින් පවතින වන විනාශය සම්බන්ධයෙන් වත්මන් පාලනය නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවත් එය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ පොරොන්දුවලට පටහැනි ක්‍රියාවක් බවත් දක්වමින් බොදු බල සේනා සංවිධානය අද දින ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබේ.

මේ එම ලිපියයි

මෛත්‍රීපාල සිරිසේන මහතා,
ගරු ජනාධිපතිතුමා,
ජනාධිපති කාර්යාලය,
කොළඹ .

ගරු ජනාධිපතිතුමනි,

මාතෘකාව : "මෛත්‍රී පාලනයක්- ස්ථාවර රටක් " - සොබාදහම රැකගැනීම , විල්පත්තු විනාශකාරී අපරාධය, පසුගිය රජයේ නිහැඩියාව හා යහපාලන රජයේ රැකවරණ

පසුගිය මැතිවරණයේදී ඔබ විසින් ජනතාව ට ඉදිරිපත් කල "මෛත්‍රී පාලනයක්- ස්ථාවර රටක් " නමින් වූ මැතිවරණ ප්‍රකාශනය හා විශේෂයෙන් "සොබාදහම රැකගැනීම" පිලිබඳ ව වූ ජනතා පොරොන්දු පිලිබඳ මුලින්ම අවධානය යොමු කරමු.

ඒ යටතේ පහත සඳහන් කරුණු සදහන් විය.

"සොබාදහම රැකගැනීම"

· වනාන්තර සහ වන සතුන් ආරක්ෂා කිරීම සඳහා වන විනාශය වැලැක්වීම හා සංවේදී පරිසර පද්ධති රැකගැනීම සඳහා තරාතිරම නොබලා සියලූ පරිසර නීති කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරන්නෙමි. එහිදී ග‍්‍රාමීය ප‍්‍රජාවගේ සම්ප‍්‍රදායික ජීවනෝපායට අගතියක් නොවන පරිදි වන සංරක්ෂණය පිළිබඳ පැහැදිලි ප‍්‍රතිපත්තියක් ඇති කොට ක‍්‍රියාත්මක
කරනු ලැබේ.

· අප රටේ සංරක්‍ෂිත කලාප ලෙස නීතියෙන් නියම කර ඇති භූමි භාග ආරක්‍ෂා කර ගැනීම හා ඒවායේ මායිම්වල සුරක්‍ෂිතබව පිළිබඳව වගබලා ගැනීම සඳහා කටයුතු කරන්නෙමි.

· පාරිසරික වශයෙන් වටිනා හා දැනට විනාශවීමේ තර්ජනයට මුහුණ පා ඇති කලාප තවදුරටත් හඳුනාගෙන ඒවා ආරක්‍ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නෙමි.

· දැනට හානි සිදු වී ඇති හෝ විනාශවීමේ අවදානමට මුහුණ දී ඇති පාරිසරික වශයෙන් වටිනා කලාප ලොව පවතින නවීනතම විද්‍යාත්මක දැනුම උපයෝගී කර ගෙන නැවත ප‍්‍රතිෂ්ඨාපනය කිරීමට පියවර ගන්නෙමි.

· සත්ව හා වෘක්‍ෂ ලතා ආඥා පනත නොබියව හා පක්‍ෂග‍්‍රාහී බවින් තොරව දැඩි ලෙස ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නෙමි.

· සංවර්ධන වැඩ සටහන්වල සංකල්පිත අවධියේදීම පාරිසරික බලපෑම් පිළිබඳ මූලික ඇගයීමක් අනිවාර්ය කිරීම.

· පාරිසරික වශයෙන් වටිනා හා දැනට විනාශවීමේ තර්ජනයට මුහුණ පා ඇති කලාප තවදුරටත් හඳුනාගෙන ඒවා ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නෙමි.

· වන ජීවීන්ගෙන් ග‍්‍රාමීය ප‍්‍රජාවන්ට එල්ලවන තර්ජන වැලැක්විම පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තියක් ඇති කොට ක‍්‍රියාත්මක කරන්නෙමි. මෙහිදි දැවෙන ප‍්‍රශ්නයක් බවට පත්ව ඇති වන අලි තර්ජන කළමනාකරණය සඳහා විශේෂ වැඩපිළිවෙලක් සැකසේ.

· නූතන පරිසර ගැටළුවලට මුහුණ දීමට හැකිවන ජාතික පරිසර ප‍්‍රතිපත්තියක් සම්පාදනය කරන්නෙමි. දේශගුණික විපර්යාසය නිසා සිදුවන නියඟය ලැව්ගිනි ගංවතුර නාය යෑම් සුළි සුළං කුණාටු සහ සමුද්‍ර ඛාදනය ආදී විවිධ වූ ආපදා සහ අනතුරු අවම කිරීමේ වැඩසටහන් ක‍්‍රියාත්මක කෙරේ.

· අනතුරු අවමකර ගැනිමේ ක‍්‍රමෝපායන් නිර්මාණය කොට ක‍්‍රියාත්මක කිරීම සඳහා අදාළ නියෝජිත ආයතන සමඟ ඵලදායි සබඳතාවයක් පවත්වාගෙන යෑමට හැකිවන පරිදි සෑම ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයකම ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන විධිමත් ලෙස ස්ථාපිත කරන්නෙමි


මෙම කරුණු රටේ ජනතාවට අතිශය වැදගත් වූ පරිසරය සුරැකීම පිණිස ඉතා වැදගත් බව අප පිළිගනිමු. එලෙසම රටේ පරිසරය විනාශ කිරීම පිණිස කටයුතු කරන අපරාධකරුවන් සිටී නම් ඒ පිලිබඳ ව ඉතා ඉක්මනින් කටයුතු කිරීමේ, ඔවුන්ව හෙලිදරුව කිරීමේ , ඔවුන්ට නිසි දඬුවම් කිරීමේ හා මෙවැනි ජාතික අපරාධයන් නැවත සිදු වීමට ඇති ඉඩකඩ වලක්වාලීමේ වැදගත්කමත් අපි අවධාරණය කරමු.

ශ්‍රී ලංකාවට මෙන්ම කලාපයටම පාරිසරික මෙන්ම ආරක්ෂක අතින්ද වැදගත්වන සිංහල ජාතියට හා බෞද්ධයින්ට අතිශය වැදගත් වන "විල්පත්තු වන විනාශය" පිලිබඳ පසුගිය කාලය තුල බොදු බල සේනා විසින් කරනු ලැබූ අදහස් දැක්වීම් හා පැහැදිලි කිරීම් ඔබගේ අවධානයට යොමු කරමු. මේ හා සම්බන්ද මුලික පුද්ගලයා ඔබගේ රජයේ ඇමතිවරයෙක් හා ජාතික විධායක සභාවේ සාමාජිකයකු බවත් ඔහුට එරෙහි පැමිණිලි කර ඇති බවත්, "සිරස" රුපවාහිනී නාලිකාවට අනුව මෙම පැමිණිලි ගැන කිසිදු පියවරක් නොගෙන ඇති බව දිනපතාම වගේ ප්‍රවෘත්ති මගින් දැනුම් දෙන නිසාත්, මෛත්‍රී පාලනය විසින් ප්‍රවර්ධනය කරනු ලබන "යහපාලනය" යටතේ මේ තත්වය නොගැලපෙන නිසාත් , විශේෂයෙන් පසුගිය මැතිවරණයේදී ඔබ විසින් ජනතාව ට ඉදිරිපත් කල "මෛත්‍රී පාලනයක්- ස්ථාවර රටක් " නමින් වූ මැතිවරණ ප්‍රකාශනය හා විශේෂයෙන් "සොබාදහම රැකගැනීම" පිලිබඳ ව වූ ජනතා පොරොන්දු වලට මෙම තත්වය නොගැලපෙන හා එම පොරොන්දු වලට එරෙහිව සිදුවන අපරාධයක් නිසාත් , මේ පිලිබඳ ව බොදු බල සේනාවේ අවධානය යොමු වූ අතර ඒ අනුව බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු නායක හිමිවරින්ගේ උපදෙස් පරිදි මෙම ලිපිය මගින් ඒ සම්බන්ධව අපගේ අසතුට හා විරෝධය පල කිරීමට තීරණය කල අතර ඒ අනුව උක්ත තත්වය ඔබගේ අවධානයට යොමු කරනු ලබන අතර මේ පිලිබඳ ඉක්මන් පියවරක් ගනු ඇතැයි අපේක්ෂා කරමු.

උක්ත කරුණ පිලිබඳ බොදු බල සේනා මාධ්‍ය ප්‍රකාශ ඇතුළු වැදගත් විය හැකි තොරතුරු මේ සමග ඉදිරිපත් කර ඇත.



ස්තුතියි,

තෙරුවන් සරණයි.


කථිකාචාර්ය දිලන්ත විතානගේ
ප්‍රධාන විධායක නිලධාරී
බොදු බල සේනා

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us