subash

subash

වින් ඩීසල් සිය අලුත උපන් දියණියට සිය මිතුරා වන පෝල් වොකර්ගේ නම තැබීමට තීරණය කොට තිබෙනවා. සජීවී රුපවාහිනී වැඩසටහනකට එක් වෙමින් වින් ඩීසල් පවසා ඇත්තේ තම අලුත උපන් දියණිය සිය මිතුරා සිහිවීම පිණිස 'පවුලිනා' ලෙස නම් කරන බවයි.

අද රටේ තිබෙන්නේ තමාට තේරුම් ගත නොහැකි දේශපාලනයක් බව මහින්ද රාජපක්ෂ මහතා පවසයි. එළියේදී බොරුවට විවෙචනය කරන අය ඇතුළට ගොස් පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බවත් කොටවමින් බෙදමින් දේශපාලනය කරන පිරිසක් තමා ජනාධිපතිධුරයේ සිටියදීත් ළඟ සිටිය බවත් ඔහු පවසයි.

පසුගිය සතියේ ෆර්කුන්දා නම් ඇෆ්ගනිස්ථාන තරුණියක් මිනිසුන් පිරිසක් විසින් පහරදී පුළුස්සා කාබුල් නදියට විසිකර මරාදමා තිබුණි. ඇගේ අවසන් කටයුතු ඉරිදා දින කාන්තා අයිතීන් වෙනුවෙන් හඬනගන පිරිසකගේ මැදිහත්වීමෙන් සිදුවිය.

ලෝක ක්ෂය රෝග දිනය අදට යෙදී ඇත.“හඳුනානොගත් රෝගීන් 4000ක් අප අතර, හඳුනාගනිමු, ප්‍රතිකාර කරමු, සැමට සුවය සදමු“ යන්න මෙවර ලෝක ක්ෂය රෝග දිනයේ තේමාව යි.

සිය රට තුල ක්‍රියාත්මක ෂියා හූති කැරලිකරුවන්ගේ ක්‍රියාකාරකම් වැළැක්වීමට ගල්ෆ් අරාබි රාජ්‍යයන්හි මැදිහත්වීමක් අවශ්‍ය බව යේමනය පවසා තිබේ.

අද 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන බව ආණ්ඩු පක්‍ෂයේ නියෝජ්‍ය ප‍්‍රධාන සංවිධායක නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි. 

හික්කඩුවේ සිදුවූ වෙඩි තැබීමකින් රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස් මහතා මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත්කැර ඇතැයි පොලිසිය කියයි. සභාපතිවරයා රෝහලට ඇතුලත් කිරීමෙන් සුළු මොහොතකට පසු මියගිය බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ විධායක ජනාධිපති ආණ්ඩුක්‍රමයක් තුළදී තෙවරක් ( 2015 සිට 2001 – 2004 සහ 1993 – 1994) අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ උගත් බුද්ධිමත් රාජ්‍යතාන්ත්‍රික බවින් විශිෂ්ටත්වයට පත් දේශපාලනඥයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාය. රටේ අභිවෘද්ධිය හා යහ පාලනය ස්ථාපිත කිරිම වෙනුවෙන් දැක්මක් ඇති දූරදර්ශී නායකයකු වශයෙන් ශ්‍රී ලංකා දේශපාලනය තුළ රනිල් වික්‍රමසිංහ මහතා ස්ථානගත කළ හැකිය.

පසුගිය රජයේ හිටපු ඇමැතිවරුන් වත්මන් රජයට සම්බන්ධ වී ඇමැති තනතුරු ලබා ගත්තත් ඔවුන් කීප දෙනකුට විරුද්ධව පොලිස්‌ දෙපාර්තමේන්තුව ලැබුණු පැමිණිලි අනුව පරීක්‍ෂණ කටයුතු අත් නොහරින බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස්‌ අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.

රජයට රුපියල් මිලියන 619ක බදු මුදලක් අහිමි කළ බවට මොහාන් පීරිස් මහතාට එරෙහිව ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් ගොනුකර ඇති රිට් පෙත්සම් විභාගයට සහභාගිවීමට තමන් අකැමැති බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියසාත් ඩෙප් මහතා සහ ඊවා වනසුන්දර මහත්මිය ඊයේ (23) ප්‍රකාශ කළහ.

Connet With Us