මොහාන් පීරිස්ට එරෙහි පෙත්සම විභාගයට විනිසුරුවන් 2ක් අකැමැතියි

Published in පුවත්
Tuesday, 24 March 2015 07:58

රජයට රුපියල් මිලියන 619ක බදු මුදලක් අහිමි කළ බවට මොහාන් පීරිස් මහතාට එරෙහිව ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් ගොනුකර ඇති රිට් පෙත්සම් විභාගයට සහභාගිවීමට තමන් අකැමැති බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියසාත් ඩෙප් මහතා සහ ඊවා වනසුන්දර මහත්මිය ඊයේ (23) ප්‍රකාශ කළහ.

අගවිනිසුරු කේ. ශ්‍රී පවන් මහතා සහ ප්‍රියසාත් ඩෙප්, ඊවා වනසුන්දර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියෙහි මේ පෙත්සම ඊයේ කැඳවන ලදි. එහිදී ‍ෙම් බව ප්‍රකාශ කරන ලදී. මේ පෙත්සම ඉකුත් මාර්තු මස 17 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කිරීමෙන් පසුව එම පෙත්සමෙහි වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කරන ලෙස අධිකරණය පෙත්සම්කරුගේ නීතිඥවරයාට නියෝග කර තිබෙන බව මෙහිදී අවධානයට ලක්විය.

එහෙත් එම නියෝගය අනුව කටයුතු කිරීමට පෙත්සම්කරුගේ නීතිඥවරයා අපොහොසත් වී ඇති බව අවධානයට ලක් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම නොතිසි ලබාදීමෙන් පසුව පෙත්සම නැවත කැඳවීමට තීරණය කළේය. ඒ අනුව පෙත්සම පිළිබඳ නොතිසි සතියක් තුළ දී වගඋත්තරකරුවන්ට ලබාදෙන ලෙස නියම විය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම, එහි සභාපති ඇතුළු සාමාජිකයන්, හිටපු නීතිපති මොහාන් පීරිස් මහතා මෙහි වගඋත්තරකරුවෝ වෙති. හිටපු නීතිපතිවරයකු සහ හිටපු කැබිනට් මණ්ඩල උපදේශකවරයකු වූ මොහාන් පීරිස් මහතා රුපියල් මිලියන 619ක බදු මුදලක් රජයට අහිමි කළ බවට චෝදනා කරමින් ගොනුකර ඇති පැමිණිල්ල කඩිනමින් විභාග කරන ලෙසට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට නියෝග කරන ලෙස මෙම පෙත්සම මඟින් ඉල්ලා තිබිණි.

හිටපු සහකාර රේගු අධිකාරිවරයකු සහ නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් මෙම පෙත්සම ගොනුකර තිබේ. කොළඹ ඩොක්යාර්ඩ් සමාගම සමඟ සිදුකළ බෝට්ටු සම්බන්ධ ගනුදෙනුවකදී රජයට හිමිවිය යුතු රුපියල් මිලියන 619ක බදු මුදලක් අහිමි කිරීමට මොහාන් පීරිස් මහතා කටයුතු කළ බවට එම පැමිණිල්ලෙහි සඳහන් විය.

එම ගනුදෙනුව සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩුවක් නීතිපතිවරයාව සිටියදී විවිධ හේතු දක්වමින් කල් දැමීමටත්, අගවිනිසුරු ලෙස කටයුතු කරද්දී එම නඩුව නිෂ්ප්‍රභ කිරීමටත් මොහාන් පීරිස් මහතා කටයුතු කළ බවට පැමිණිල්ලෙහි සඳහන් විය.නාගානන්ද කොඩිතුවක්කු සහ රවීන්ද්‍රනාත් දාබරේ යන නීතිවේදීහු පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.

 

dinamina

Last modified on Tuesday, 24 March 2015 08:03

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us