බඟවන්තලාව මහජන සෞඛය පරීක්ෂක බී එල් කේ වසන්ත මහතා විසින් ගිනිගත්හේන විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපත ඩබ්ලිව් ඒ ධර්මදාස, ගබඩා බාර කරු චින්තක ප්‍රේමරත්න හා මෙම ආහාර ද්‍රව්‍ය ලබා ගත් ගිනිගත්හේන රංජනාස් තොග වෙලඳ මධයස්ථානයේ කළ මනාකරු තංගයියා කමලනාදන් යන අයට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරනයෙ මෙලෙස නඩු පවරනු ලැබීය.
මෙහිදී සැකකරුවන් වරද පිලිගනු ලැබීම හේතුවෙන් එක් අයකුට රුපියල් 15000 බැඟින් දඩ නියම කළ අතර අත් අඩංගුවට ගත් ආහාර තොගය විනාශ කිරීමටද හැටන් දිසා විනිසුරු අයි.පී ඩී ලියනගේ මහතා නියෝග කළේය.
කෙසේ නමුත්ත් ව්‍යාපාරික තංගයියා මහතා පවසා සිටියේ සමූපකාර නිළධාරීන් විසින් තමුන්ගෙන් ඉල්ලා සිටි පරිදි අඩු මිළට ප්‍රමිතියෙන් බාල ආහාර සැපයූ බවය.
එමෙන්ම මෙලෙස අපහසුතාවයට ලක්වූ ගැබිණි මාතාවන් 130 දෙනට අද දින යලි පොෂන මක්කල් ලබා දීමට ගිනිගත්හේන ප්‍රාදේශීය ලෙකම්වරා විසින් කටයුතු කරනු ලැබීය.
හැටන්- රංජිත් රාජපක්ෂ විසිනි