පොල් වොකර්ගේ දෙවන උපත

Published in අනං මනං
Tuesday, 24 March 2015 12:32

වින් ඩීසල් සිය අලුත උපන් දියණියට සිය මිතුරා වන පෝල් වොකර්ගේ නම තැබීමට තීරණය කොට තිබෙනවා. සජීවී රුපවාහිනී වැඩසටහනකට එක් වෙමින් වින් ඩීසල් පවසා ඇත්තේ තම අලුත උපන් දියණිය සිය මිතුරා සිහිවීම පිණිස 'පවුලිනා' ලෙස නම් කරන බවයි.

පෝල් වොකර්ගේ අවසන් රඟපෑම් ඇතුලත් "Fast and Furious" කතා මාලාවේ නවතම චිත්‍රපටය "Furious 7" අප්‍රේල් මස 07 දා තිරගත වීමට නියමිතව තිබෙනවා. 2013 වසරේ නොවැම්බර් මාසයේදී පෝල් වෝකර් මියගියේ මෙම චිත්‍රපටය රූගත කිරීම් සිදු කරමින් සිටින අතරතුරයි.

මීට පෙර "Furious 7" චිත්‍රපටයේ විශේෂ දර්ශන වාරයක් අතරතුර වින් ඩීසල් පවසා තිබුණේ පොල් වොකර්ගේ අහිමිවීමත් සමඟ තමන්ට යහළුවෙක් සහ සහෝදරයෙක් අහිමිවූ බවත් මේ හේතුව නිසාම මෙම චිත්‍රපටය තමන් රඟපෑ අමාරුම චිත්‍රපටයක් වූ බවයි.

එසේම අලුත උපන් දියණිය වින් ඩීසල්ගේ තෙවැනි දරුවා වන අතර ඔහු පවසන්නේ තමන්ගේ මිතුරාගේ මතකය සදාකල් තමන් ලඟින් තබාගැනීම සඳහා මේ පියවර ගත් බවයි.

 

vin2

vin3

ක්‍රීඩා

Connet With Us