මේ බව ඔහු පැවැසුවේ නාරහේන්පිට අභයාරාමයේදී ඊයේ(24) පළාත්පාලන නියෝජිතයන් කිහිප දෙනෙකු හා පැවැති හමුවේදීය.
මෙහිදී තමාට අහිමි වූ ලක්ෂ දෙකහාමාරක ඡන්ද ප්‍රමාණය මෙවැනි එක් අයෙකු හෝ ඉවත් කළේ නම් ලබා ගත හැකිව තිබුණු බවත් ගමේ කමට සලකන්නට ගොස් වැඩේ වැරදුන බවත් කීවේය. මේවා ගමේ දේශපාලන නියෝජිතයන්ටත් හොඳ පාඩමක් බව පැවසූ රජපක්ෂ මහතා තමා දැන් විවේක සුවයෙන් සිටින නිසා තමා වටා සිටි ප්‍රේතයන් කුම්භාන්ඩයන් හොඳින් පෙනෙන බවත් පැවැසීය.