සැතපුම් 12400 පුරා විහිදෙන ලෝකේ දිගම අධිවේගී මාර්ගය

Published in අනං මනං
Wednesday, 25 March 2015 17:15

මුළු ලෝකයම ආවරණය වන පරිදි ලෝකයේ දිගම අධිවේගී මාර්ගය  ඉදිකිරීමට තීරණය කොට තිබේ. මෙම මාර්ගය සැතපුම් 12400 ක දිගින් යුක්ත වේ.

මෙම අධිවේගී මාර්ගයේ ගමන් මාර්ගය අනුව ලෝකයෙන් විශාල ප්‍රමාණයක් එනම් රුසියාව එංගලන්තය සහ ඇමරිකාව එකිනෙකට සම්බන්ධ කෙරේ. එසේම දැනට ආසියාවේ සහ යුරෝපය තුල ඇති මාර්ගද සම්බන්ධ වනසේ මෙය නිර්මාණය කිරීමට නියමිතයි.

මෙම මාර්ගය ඉදිකිරීමෙන් පසු එංගලන්තයේ සිට ඇමරිකාව දක්වා පහසුවෙන් පිවිසිය හැකි වන අතර රටවල් අතර සයිබීරියානු දුම්රිය මාර්ගය හා තෙල් නලද මේ හරහා යැවීමට තීරණය කොට තිබේ.

මෙය ඉදිකිරීමේ අරමුණ වන්නේ රුසියාව ලෝකයේ ප්‍රධාන ප්‍රවාහන මධ්‍යස්ථානයක් බවට පත්කිරීමේ අරමුන ඇතිවයි.

දැනට ලෝකයේ දිගම අධිවේගී මාර්ගය ලෙස සැළකෙන්නේ ඕස්ට්‍රේලියාවේ ඇති Highway 1 නමැති මාර්ගයයි. එය සැතපුම් 9000ක් දිගින් යුක්තයි.

highway1

Last modified on Wednesday, 25 March 2015 17:16

ක්‍රීඩා

Connet With Us