'ජර්මන්වින්ග්ස්' ගුවන් අනතුර සහාය නියමුවාගේ වැඩක්

Published in විදෙස්
Friday, 27 March 2015 10:19

ඉකුත් අඟහරුවාදා ප්‍රංශයේ ඇල්ප්ස් කඳුවැටි සහිත ප්‍රදේශයට කඩ වැටුණු ‘ජර්මන්වින්ග්ස්’ගුවන් සමාගමට අයත් යානය එහි සහායක නියමුවා විසින් සිතාමතාම යානය කඳුවැටියට යොමු කර ඇති බව ප්‍රංශ නීති නිලධාරීහු පවසා තිබේ.

අනතුර සිදු වෙන අවස්ථාවේ අන්ද්‍රේයාස් ලුබිට්ස් (Andreas Lubitz) නම් සහායක නියමුවා පමණක් නියමු කුටිය තුළ සිටි බවයි ප්‍රංශ නීති නිලධාරීන් පවසයි.

ඒ වන විට නියමු කුටියෙන් පිටත සිටි ප්‍රධාන නියමුවා තමාට යළි නියමු කුටියට ඇතුල් වීම සඳහා එහි දොරටුව විවෘත කරන මෙන් දැඩිව ඉල්ලා සිටියත් සහායක නියමුවා ඊට ප්‍රතිචාරයක් පළ කර නොමැති බව පැවසේ.

නියමුවා යළි සිය කුටියට වහාම ඇතුළු වීම සඳහා ඉතා ඕනෑකමකින් දොරට තට්ටු කරමින් උත්සාහ කර ඇති බව නිලධාරියකු ප්‍රකාශ කළ බව ‘නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පත් වාර්තා කරයි.
ගුවන් පාලක මැදිරියෙන් කෙරුණ ඉල්ලීම් ද සහායක නියමුවා විසින් සැලකිල්ලට ගනු ලැබ නැත.

යානය අනතුරට ලක් වූ අන්තිම තත්පර කීපයේ ගුවන් මගීන් නගන විලාප හඬ යානයේ තොරතුරු පටිගත කෙරෙන උපකරණවල සටහන් වී ඇත.

එහෙත් මගීන් එකසිය පනහක ද ජීවිත විනාශ කරමින් ගුවන් යානය අනතුරට ලක් කිරීමට සහායක නියමු අන්ද්‍රේයාස් ලුබිට්ස් (Andreas Lubitz) යොමු වුනේ කුමක් නිසාද යන්න තවම අපැහැදිලි බව ප්‍රංශයේ ප්‍රධාන නීති නිලධාරියා පවසා තිබේ.

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us