මියන්මාර ශිෂ්‍ය උද්ඝෝෂකයන් උසාවියට

Published in විදෙස්
Thursday, 26 March 2015 10:48

පසුගිය දා බුරුමයේ පැවති ශිෂ්‍ය උද්ඝෝෂණයක දී පොලිස් අත්අඩංගුවට පත් ශිෂ්‍යයන් සහ ක්‍රියාධරයන් හැට පස් දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

රාජ්‍ය සේවකයන්ට නින්දා කිරීම, විසිර යාමට දුන් අණ නොපිළිපැදීම, රජයට නිග්‍රහ කිරීම සහ කැරලි කෝලාහලවලට උල්පන්දම් දීම ඔවුන්ට නගා ඇති චෝදනා අතර වෙයි.

මෙම චෝදනා ඔප්පු වුවහොත් ඔවුනට වසර නවයක් දක්වා සිර දඬුවම් හිමි වීමට ඉඩ තිබේ.

බුරුම රජය විසින් හඳුන්වා දෙනු ලැබූ නව අධ්‍යාපන පනත මගින් නිදහස් අධ්‍යාපනය කප්පාදු වන බව පවසමින් මෙම ශිෂ්‍යයෝ වීදි බැස උද්ඝෝෂණයේ යෙදී සිටියෝය.

මෙම පිරිස මැදට කඩා වැදුණු පොලිස් භටයන් විසින් ශිෂ්‍යයන්ට වට කර පහර දෙනු ලබන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් නිකුත් වී තිබුණු අතර එය ජාත්‍යන්තර ප්‍රජාවගේ හෙලා දැකීමට ලක් විය.

මෙම සිදු වීම සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දැක් වූ බුරුම ජනාධිපති තෙයින් සෙයින් කියා සිටියේ මෙවැනි සිදුවීමක් ඇතැම් බටහිර රටවල සිදු වූයේ නම් එය වෙඩි ප්‍රහාරවලින් සහ මරණවලින් කෙළවර වන්නට ඉඩ තිබූ බවයි.

උපුටාගැනීම : bbc

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us