පළාත් පාලන ආයතනවල කාලය වසරකින් දික්‌ කරන්න - සුසිල් ප්‍රේමජයන්ත

Published in පුවත්
Wednesday, 25 March 2015 11:08

ඉදිරි දින කිහිපය තුළ නිල කාලය අවසන් වීමට නියමිත පළාත් පාලන ආයතනවල කාලසීමාව තවත් වසරකින් කල් දමන ලෙස එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා පළාත් පාලන ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටී.

එම කාලය තුළ සීමා නිර්ණයන් ගැසට්‌ කර නව ක්‍රමය යටතේ මැතිවරණ පැවැත්වීමට මැතිවරණ දෙපාර්තමේන්තුවට අවකාශ ලබා දෙන ලෙසද ඒ මහතා ඉල්ලා සිටී.

එම නිවේදනය මෙසේය.

පළාත් පාලන මැතිවරණ නීතිය සංශෝධනය කර මින් මතුවට එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා ඡන්ද කොට්‌ඨාස හා අනුපාත ක්‍රමයක්‌ හඳුන්වා දීමටත් මනාප මැතිවරණ ක්‍රමය පළාත් පාලන ආයතන මැතිවරණය සඳහා අහෝසි වන ලෙසත් පසුගිය කාලයේ දී නීති සංශෝධනය වී ඇත. ඉන් අනතුරුව පළාත් පාලන ආයතන කොට්‌ඨාස වෙන්කිරීමට සීමා නිර්ණ කොමිෂන් සභාවක්‌ පත්කළ අතර දිස්‌ත්‍රික්‌ හා ජාතික මැතිවරණ කොට්‌ඨාස නිර්ණ කොමිෂන් සභා මගින් කොට්‌ඨාස නිර්ණය කර පළාත් පාලන විෂය භාර ඇමැතිවරයාට වාර්තාවක්‌ භාරදී තිබුණි.

මේ අනුව ඉදිරියේ පැවැත්වෙන පළාත් පාලන මැතිවරණ කොට්‌ඨාස පදනම් කරගත් මිශ්‍ර ක්‍රමයට පැවැත්විය යුතුය. 2015 මාර්තු 31 වැනි දිනට පළාත් පාලන ආයතන 234 කාලය අවසන් වේ. දැනට කොට්‌ඨාස නිර්ණය ගැසට්‌ වී නොමැති බැවින් මැතිවරණය පැවැත්වීමටත් මැතිවරණ කොමසාරිස්‌තුමාට පළාත් පාලන මැතිවරණය සඳහා සූදානම් වීමටත් යම් කාලයක්‌ අවශ්‍ය වේ. තවද පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයේ සංශෝධන සඳහා දැනට යෝජනා ඉදිරිපත් වී ඇති අතර ඒ සඳහා ප්‍රමුඛතාවය දිය යුතුව ඇත.

එම නිසා 2015 මාර්තු 31 දිනට කාලය අවසන් වන පළාත් පාලන ආයතන සඳහා කාලය අවසන්වීමත් සමඟ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකිවනු ඇත. එවිට එම පළාත් පාලන ආයතන කොමසාරිස්‌ පාලනයට යටත්වනු ඇත.

පළාත් පාලන ආයතන අතිබහුතරයක පාලනය එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට හිමිව ඇති අතර පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය හා වෙනත් පක්‍ෂ නියෝජනය කරයි. තවද පසුගිය වකවානුවේ ආරම්භ කරන ලද සංවර්ධන කටයුතු රාශියක්‌ නිමවෙමින් පවතී. මේ සඳහා පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ දායකත්වයද අත්‍යවශ්‍යයි.

එබැවින් ඡන්ද කොට්‌ඨාස සීමා නිර්ණය ගැසට්‌ කර මැතිවරණ දෙපාර්තමේන්තුවට මීළඟ පළාත් පාලන මැතිවරණ සඳහා සංශෝධිත පළාත් පාලන නීතිය යටතේ මැතිවරණ පැවැත්වීමට හැකිවන පරිදි අවශ්‍ය කාලය ලබාදීමට දැනට ඇති නීතිමය ප්‍රතිපාදන යටතේ පළාත් පාලන විෂයභාර අමාත්‍යවරයාට වර්ෂයකින් පළාත් පාලන ආයතන වල කාලය දීර්ඝ කළ හැක.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us