තාම ඇමති මණ්ඩලය සම්පූර්ණ නෑ.23ක් පුරප්පාඩුයි - රාජිත

Published in පුවත්
Wednesday, 25 March 2015 10:48

ජාතික ආණ්ඩුවක් බිහි කිරීමේ දී පත් කළ හැකි කැබිනට් ඇමැති ධුර සංඛ්‍යාව 45ක් සහ රාජ්‍ය ඇමැති හා නියෝජ්‍ය ඇමැති ධුර සංඛ්‍යාව 55ක් ලෙස ආණ්ඩුවට සම්බන්ධ පාර්ශ්ව ජනාධිපතිවරණයට පෙර එකඟතාවකට පැමිණ තිබුණ ද මේ වනවිටත් එතරම් සංඛ්‍යාවකට පත්වීම් ලබා දී නොමැති බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

දැනට පත් කර ඇති ඇමැති, රාජ්‍ය ඇමැති හා නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ එකතුව 77ක් පමණක් බවත්, එහෙත් කළින් එකඟ වූ සංඛ්‍යාව 100ක් බවත් ඇමැතිවරයා සඳහන් කරයි.

ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවැසුවේ රජය පත් කර ඇති ඇමැතිවරුන්ගේ සංඛ්‍යාව වැඩි නැතිදැයි කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊයේ (24) පැවත්විණි.

පත් කළ හැකි උපරිම ඇමැතිවරුන් සංඛ්‍යාව 30 බවට පත් කරන්නේ ජාතික ආණ්ඩුවේ නොව ඉදිරියේ දී පැවැත්වෙන මැතිවරණයෙන් පත් වන ආණ්ඩුවේ බව කී ඇමැතිවරයා, රජයකට පත් කළ හැකි උපරිම ඇමැතිවරුන් සංඛ්‍යාව 30ක් බව ඉදිරියේ දී සැකසෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට පියවර ගන්නේ යැයි ද කීය.

dinamina

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us