රත්නපුර ‍රැස්වීමට තවත් මන්ත්‍රීන් 300ක්, ලක්ෂ 10 ක සෙනඟක් ගේනවාලු

Published in පුවත්
Wednesday, 25 March 2015 12:43

මහින්ද රාජපක්ෂව අගමැති කරවීමේ ව්‍යාජ ව්‍යාපාරය විසින් සංවිධානය කරන රත්නපුරයේ හෙට පැවැත්වෙන ‍රැළිය සඳහා ශ්‍රි ලනීප මන්ත්‍රීන් 300 ක දසලක්ෂයක ජනතාවක් සහභාගි කරවන බව බස්නාහිර පළාත් සභා මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු එම සංවිධායකයන් පවසයි.

කෙසේ නමුත් ඔවුන් නුගේගොඩ පැවැත්වු පළමු ‍රැළියට සහභාගී වූ පහළොස් දහසකට ආසන්න ජනතාව දැක ලක්ෂ 5ක ජනතාවක් සහභාගී වූ බවට ප්‍රචාරය කළ අතර ඒ අනුව මහනුවර ‍රැස්වීමට දස ලක්ෂයක ජනතාවක් ගෙන එන බව පැවැසූවද තුන්දහසකට වඩා ගෙන්වා ගැනීමට හැකි වූයේ නැත. එමෙන්ම මහනුවර ‍රැළියට මන්ත්‍රීවරු 100 දෙනෙකු සහභාගීවන බව ද පැවැසූ නමුදු දහ දොලොස් දෙනෙකුට වඩා ඊට සහභාගී වී නොසිටියේය.

ප්‍රසන්න රණතුංග මහතා ඊයේ තබා තිබු ෆේස්බුක් සටහනක මෙසේ දැක්විණි.

හිතවතුනි, අපි රත්නපුරේදී හමුවෙමු.

හෙට (26) රත්නපුරයේ සීවලී කී‍්‍රඩාංගනයේ පැවැත්වෙන මහින්ද රාජපක්‍ෂ මැතිදුන් අගමැති අපේක්‍ෂකයා බවට පත් කරන ලෙස බල කරන රැස්වීමට සහභාගී වීම සදහා අද (25) මධ්‍යම රාති‍්‍රයේ මම දිවයිනට පැමිණෙමි. මම මේ රැස්වීමට යන්නේ තනිව නොවේ. බස්නාහිර පළාත් සභාව නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්තී‍්‍රවරු 40 කට අධික පිරිසක් සමගය. බස්නාහිර පළාත නියෝජනය කරන ප‍්‍රාදේශීය සභා සහ නගර සභා සභාපතිවරුන් සහ මන්තී‍්‍රවරුන් 300 කට ආසන්න පිරිසක් සමග ය.

මා මෙම රැස්වීමට සහභාගී වන්නේ හෘදය සාක්ෂියට එකග අයෙකු ලෙසිණ. අද ශී‍්‍ර ලංකා නිදහස් පාක්‍ෂිකයන්ගේ අපේක්ෂාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිදුන්ය. එතුමා නැති පක්‍ෂයත්, එතුමා නැති රටක් පිළිබදව ඔවුනට සිතා ගත නොහැකි වී තිබේ. අප ඒ යථාර්තයට මුහුණ දිය යුතුය. අනෙක් අතට අප හෙට රත්නපුරට යන්නේ මහින්ද අගමැති කිරීමේ සටනේ පළමු ජයග‍්‍රහණය අත්පත් කර ගැනීමෙන් පසුවය.

නුගේගොඩ රැස්වීමට සහභාගී නොවන ලෙස සිදු කෙරුණ වක‍්‍රාකාර නියෝග අපි පරාජය කලෙමු. මහනුවරට සහභාගි නොවන ලෙස කෙරුණු නියෝගද පරාජය කලෙමු.

මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට ඇති ජනමතය යටපත් කළ නොහැකි තැන එක්සත් ජනතා නිදහස් සංධානයේ ජාතික සංවිධායකතුමන් ඊළග මැතිවරණයට ඉදිරිපත් වීමට මහින්ද රාජපක්‍ෂ මැතිතුමා කැමති නම් අපේ අකමැත්තක් නැතැයි පසුගියදා කීවේය. එය මේ අරගලයේ ජයග‍්‍රහණයේ පළමු කඩ ඉම ලෙස මම දකිමි.

දැන් අපි අවසන් ජයග‍්‍රහණයද (මහින්ද මැතිදුන් අගමැති අපේක්‍ෂකයා කිරීම) ලබා ගත යුතුය. රත්නපුර රැස්වීම ඒ සදහා හොද අවස්ථාවකි. ඒ නිසා හෘද සාක්ෂියක් ඇති සියලූ දෙනාට හෙට(26) දින රත්නපුරයට යාමට එන්න යැයි ආරාධනය කරමි.

ඇතැමුන් දැන් මා ලද බොළද සටහනක් මුහුණු පොතේ සටහන් කර ඇති බවට පරල විය හැකිය. සමහරුන් (සිය නව ප‍්‍රකාශක හා රාජ්‍ය ඇමති තනතුරු රැක ගැනීම සදහා) මා කාඞ්බෝඞ් වීරයෙකු ලෙස ප‍්‍රකාශ නිකුත් කරනු ඇත. ඒ සියල්ලටම කෙටි පිළිතුරක් දෙමි.

ඊළග මැතිවරණයේදී මේ රටේ ජනතාව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ වීරයන් හා ද්‍රෝහියන් කවුදැයි ලෝකයටම පෙන්වා දෙනු ඇත……

හෙට මා සමග රත්නපුරයට යන්නට එන්න යැයි නැවත ඔබට ආරාධනය කරමි.

Leave a comment

 

ld add copy

Gossip

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us