නව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් රුවන්චන්ද්‍ර

Published in ක්‍රීඩා
Monday, 23 March 2015 07:05

ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ලෙස කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතා පත්කර සිටී. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා රාජ්‍ය කළමනාකාරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යනාදි රජයේ ආයතන ගණනාවක ශ්‍රී ලංකා පරිපාලන විශේෂ සේවයේ නිලධාරි‍යකු ලෙස රුවන්චන්ද්‍ර මහතා කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ උපදේශකවරයෙකු ලෙස වසර 5කට ආසන්න කාලයක් කටයුතු කර ඇති ඒ මහතා චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහ විවිධ ප්‍රාදේශීය ලේකම් කාර්යාල රැසක කටයුතු කර තිබෙන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලන විශේෂ විද්‍යාවේදී (ගෞරව) උපාධිය ලබා තිබෙන ඔහු පශ්චාද් උපාධිය ලබාගෙන ඇත්තේ සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයෙනි.

මේ තනතුරට පත්වීමට පෙර රුවන්චන්ද්‍ර මහතා ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස කටයුතු කළේය.

Last modified on Monday, 23 March 2015 07:19

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us