ෆොන්සේකාට වගේ ගුවන්, නාවික හමුදාපතිවරුන්ටත් සැලකිලි

Published in පුවත්
Monday, 23 March 2015 07:22

යුද්ධය නිම කිරීමට දායක වූ හිටපු ගුවන් හමුදාපතිට මෙන්ම හිටපු නාවික හමුදාපතිටත් රජය උපරිම අන්දමින් සැලකිලිමත් වී ඔවුන්ට උසස්‌ තනතුරු ලබාදීමට ක්‍රියාකරන බව එක්‌සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් කබීර් හෂීම් මහතා ප්‍රකාශ කළේය.

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පසුගිය රජයෙන් විශාල වශයෙන් බැටකෑ හමුදා නිලධාරියකු බවද ඔහු කොටින්ගේ ප්‍රහාරයකට පවා ලක්‌ වූ අතර ඔහුට රජය ලබාදෙන තාන්න මාන්නවලට රටේ පොදු ජනතාවගේ අකමැත්තක්‌ නැති බවද කබීර් හෂීම් මහතා සඳහන් කළේය.

යුද්ධය අවසන් කිරීමට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සමග දායක වූ ගුවන් හමුදාව සහ නාවික හමුදාව රජය කිසිවිටක අමතක නොකරන අතර එවකට සේවය කළ ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක, නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ යන ජ්‍යෙෂ්ඨ හමුදා ප්‍රධානීන් පිළිබඳවද රජය ඉදිරියේදී සැලකිල්ල යොමුකරන බව එජාප ලේකම්වරයා පැවැසීය.


-දිවයින

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us