හදිසියේ ඡන්ද ක්‍රමය ඉවත් කළොත් තමන්ට පැවැත්මක් නැතැයි සුළු පක්ෂ පරල වේ. රටපුරා විරෝධතා

Published in පුවත්
Wednesday, 18 March 2015 07:51

නව ජන්ද ක්‍රමය මගින් කුඩා පක්‍ෂවලට පාර්ලිමේන්තුවට, පළාත් සභාව හෝ පළාත් පාලන ආයතනවලට පත් වීමට ඇති අවස්‌ථාව අහිමි වීමේ සැකයක්‌ පවතින නිසා හදිසියේ ජන්ද ක්‍රමය වෙනස්‌ කිරීමට විරුද්ධ වීමට සුළු පක්‍ෂ රැසක්‌ එක්‌ව තීරණය කර ඇති අතර ඉදිරියේදී මේ පිළිබඳවත් රට පුරා ජනහමු පැවැත් වීමටද තීරණය වී ඇත.

ජනතා විමුක්‌ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, සමස්‌ත ලංකා මුස්‌ලිම් කොංග්‍රසය, නව සම සමාජ පක්‍ෂය ඇතුළු පක්‍ෂ කිහිපයක නායකයින් කොළඹදී හමු වී සාකච්ඡා කර මෙම තීරණයට එළඹ තිබේ.

නව ජන්ද ක්‍රමයකින් සුළු පක්‍ෂවලට තේරී පත්වීමට ඇති අවස්‌ථාව අහිමි වී යා හැකි බැවින් කඩිමුඩියේ ජන්ද ක්‍රමය වෙනස්‌ කිරීමට ඉඩ නොදිය යුතු බවටත් එය මහජන අදහස්‌ හා සංවාදවලට ඉඩ හැර පසුව ලැබෙන යෝජනාද එක්‌කරගෙන වෙනස්‌වීමක්‌ සිදු කළ යුතු බවටත් එහිදී යෝජනා වී තිබේ.

මීළඟ පාර්ලිමේන්තු මැතිවරණය, පවතින මැතිවරණ ක්‍රමය යටතේම පවත්වා ඉන් පසුව මහ මැතිවරණ නව ක්‍රමයක්‌ යටතේ පැවැත්වීමට ක්‍රියා කරන්නැයි ආණ්‌ඩුවෙන් ඉල්ලා සිටීමටද මෙහිදී තීරණය කර ඇත.

සුළු පක්‍ෂ එකමුතුවට ඉදිරියේදී ලංකා කම්කරු කොංග්‍රසය, කම්කරු ජාතික පෙරමුණ, කඳුරට ජනතා පෙරමුණ ඇතුළු පක්‍ෂ විපක්‍ෂ සුළු පක්‍ෂ සියල්ල එක්‌ කර ගැනීමටද එහිදී තීරණය කර තිබේ.

Last modified on Wednesday, 18 March 2015 07:57

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us