භාරත ඇතුළු 4ක් ඝාතනය කිරීම ගැන දුමින්දට සිතාසි

Published in පුවත්
Wednesday, 18 March 2015 07:41

හිටපු ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල්ව සිටි භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අධි චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් 13 දෙනා හට ලබන අප්‍රේල් 01 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් සිතාසි නිකුත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය ඊයේ (17) නියෝග කළාය.

විත්තිකරුවන් හට කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් එසේ සිතාසි නිකුත් කෙරුණේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු අධි චෝදනා 17ක් යටතේ විත්තිකරුවනට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව සම්බන්ධයෙනි.

විතානගේ අනුර තුෂාර ද මෙල්, චන්දන ජගත් කුමාර, පතිරණගේ චමින්ද රවී ජයනාත්, කොඩිප්පිලි ආරච්චිගේ ලංකා රසාංජන, විජේසුරිය ආරච්චිගේ ෂාලක සමීර, විදානගමගේ අමිල, සරත් බණ්ඩාර, සුරංග ප්‍රේමලාල්, චන්දන සමන් කුමාර අබේවික්‍රම, ප්‍රියන්ත ජනක බණ්ඩාර, දුමින්ද සිල්වා, රෝහණ මාරසිංහ හා ලියනාරච්චි ශමින්ද යන විත්තිකරුවන් 13 දෙනා හට එසේ සිතාසි නිකුත් කෙරුණි.

2011 ඔක්තෝබර් මස 08 වන දින අංගොඩ මුල්ලේරියාව හා හිඹුටාන යන ස්ථානවලදී පළාත් පාලන ඡන්ද විමසීමේදී ඡන්ද දායකයන් හට ගිනි අවි භාවිතා කරමින් බිය ගන්වා නීති ‍විරෝධී රැස්වීමක සාමාජිකයන්ව සිටි බවටත් එසේ සිටිමින් අංගොඩ රාහුල විද්‍යාලයේ පැවැති ඡන්ද මධ්‍යස්ථානයේ සිටි පිරිසකට බලහත්කාරකම් කර ප්‍රචණ්ඩත්වයේ යෙදුණු බවටත් විහි පතිරැන්නැහැලාගේ තිවංකා මධුෂානි පතිරණ යන අයට බැන වැදීබියගැන්වූ බවටත් විත්තිකරුවනට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුවෙන් අධි චෝදනා නගා ඇත.

තවද එම ක්‍රියාකලාපයේ යෙදී සිටිමින් අංගොඩ රාහුල විදුහලේ පැවැති ඡන්ද මධ්‍යස්ථානයේ ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් දමිත් සුරංග කුමාර නිලධාරියාගේ පපුවට පිස්තෝලයක් තබා බිය ගැන්වූ බවටද මුල්ලේරියාවේදී නීති විරෝධී රැස්වීමක සාමාජිකයන්ව සිට භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ මරණය සිදු කළ බවටද විත්තිකරුවන් අධි චෝදනා ලැබ සිටියි.

නීති විරෝධී රැස්වීමක සාමාජිකයන්ව සිට දමිත දර්ශන ජයතිලකගේත් ජලාබ්දීන් මොහොමඩ් අසීම්ගේත් මහිවෙල් කුමාරසාමිගේත් මරණ සිදු කළ බවටත් රාජදුරගේ ගාමිණී යන අයට වෙඩි තබා බරපතළ තුවාල සිදු කළ බවටත් විත්තිකරුවෝ චෝදනා ලැබ සිටිති.

අංගොඩ රාහුල විද්‍යාලයේ පැවැති ඡන්ද මධ්‍යස්ථානයේ සිටි පිරිසකට බලහත්කාරකම් කර ප්‍රචණ්ඩත්වයේ යෙදෙමින් කැරළි ගැසීමේ වරදවල් සිදු කළ බවට හා මුල්ලේරියාවේදී නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව ටී 56 වර්ගයේ ස්වයංක්‍රීය තුවක්කු සන්තකයේ තබා ගත් බවට නීතිපතිවරයා විසින් විත්තිකරුවනට එරෙහිව වැඩිදුරටත් අධි‍චෝදනා නගා ඇත.

 

dinamina

Last modified on Wednesday, 18 March 2015 07:46

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us