විදේශ විනිමය පාලන නීති උල්ලංඝනය කරමින් ගැලියන් අරමුදලේ ප්‍රධාන විධායක රාජ් රාජරත්නම්ගේ කොළඹ පිහිටි විදේශීය බැංකුවක ගිණුමකට ඩොලර් බිලියනයකට අධික මුදලක් මෙරටට ගෙන ඒම සම්බන්ධයෙන් චෝදනා කරමින් රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව අද විභාගයට ගැනිණ.
එහිදී නියෝජ්‍ය විනිමය පාලක සරත් සිසිර කුමාර මහතා දැනුම්දී ඇත්තේ රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් විනිමය පාලන නීති උල්ලංඝණය වන ආකාරයෙන් කටයුතු කර නැති බවයි.