අධිකරණ නියෝගයෙන් වරාය බහලූම් වර්ජනය නවතී

Published in පුවත්
Tuesday, 17 March 2015 17:12

එක්සත් ලංකා බහලූම් හිමිකරුවන්ගේ සංගමය ආරම්භ කළ වැඩවර්ජනය නතර කිරීමට තීරණය කළ බව එම සංගමයේ සභාපති උදේනි කලූතන්ත‍්‍රී ප‍්‍රකාශ කළේය.

ඔහු සඳහන් කළේ අධිකරණය ලබා දී ඇති වාරණ නියෝගයට ගරු කරමින් මෙලෙස වර්ජනය නතර කිරීමට සිය සංගමයේ කාරක සභාව තීරණය කළ බවය.

ඉඟුරුකඬේ මංසන්ධියේ වරාය පිවිසුම් මඟ හරස් කරමින් කන්ටේනර් රථ රියදුරන් ආරම්භ කර තිබූ විරෝධතාව අත්හිටුවන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය අද දහවල් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා මෙම වාරණ නියෝගය නිකුත් කර ඇත්තේ ග‍්‍රෑන්ඞ්පාස් පොලීසිය අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුවය.

කෙසේ නමුත් විෂය බාර ඇමැති අර්ජුන රණතුංග මහතා කියා සිටියේ මෙම වර්ජනය අසාධාරණ බවය. කන්ටේනර් බහාලූම් වරායට ඇතුලත් කිරීම සඳහා සාධාරණ ක්‍රමවේදයක් සැකසීමට ගත් උත්සහයට විරුද්ධව මෙම වර්ජනය ක්‍රියාත්මක වූ බවත් ඊට ඉඩ දෙන්නේ නැති බවත් ඔහු පවසයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us