විදේශ අමාත්‍ය මංගල සමරවීර හා ස්විටිසර්ලන්ත විදේශ අමාත්‍ය ඩිඩියර් බක්හෝල්ටර් අතර හමුවක් අද (17)උදෑසන භෝජන සංග්‍රහයක් සමඟ පැවැත්වුණී.
බක්හෝල්ටර් මහතා ස්විටිසර්ලන්තයේ ජනාධිපතිවරයා ලෙස පසුගිය වසරේ ක්‍රියා කළේය. එමෙන්ම පසුගිය වසරේ එරට විශිෂ්ටතම දේශපාලඥායා ලෙසින් ඔහු සම්මානයටද පාත්‍ර වූවෙකි.මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු දේ නම් පසුගිය රාජපක්ෂ පාලන සමයේදී මෙරට පැමිණි බොහෝ රාජ්‍ය නායකයන් මෙන්ම රාජතාන්ත්‍රික නිළධාරීන් වූයේ ලෝක අපවාදයට ලක්වූ දුෂිතයන් වීමය.